Saturday, December 31, 2011

2011 ගෙවෙන්න මොහොතකට පෙර




ගෙවෙන්න මොහොතකට කලින් හරි 2011 ගැන වචනයක් ලියන්න හිතුනා.. කියන්න දෙයක් නැති උනත් පතෝල වගේ හොදත් නැති නරකත් නැති අවුරුද්දක් ගෙවිලා යන එක ගැනත් අමුතුවෙන් ලියන්නත් දෙයක් නෑ.. බුරු කියන්නං සේ එෆ් බී එකේ හැපි නිව් යර් ඕල් කියලා ලියලා ශේප් වෙන්න පුළුවන් උනත්.. මෙච්චර ලොකු නෙට් එක අස්සේ මගේ කියලා තියන ඇබිත්තං ඉඩේ හරි මං කියලා කෙනෙක් 2011 න් 2012 වෙනකං ජිවත් උනා කියලා කවදා හරි කාට හරි හොයා ගන්නවත් මේක ලියන එක හොඳයිනේ?


මේ අවුරුද්දේ මුල කරපුවා දැන් දැන් මතක නෑ වගේ අප්පා... පාරවල් දිගේ දිගම දිග ගමන් යෑමවල් කිපයක්ම සෙට් වෙච්ච එක ඇරුනම මේ අවුරුද්දේ අමුතුවෙන්ම අමුතුවෙන් උන දේවල් නැති තරං.. ඒ වෙනුවෙන් ඇරියස් අල්ලන්යි හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ. ඒක බලමු ඒ අවුරුද්දේ මොකද වෙන්නේ කියලා...

ගත වුනු 364 දවසටම වඩා අද මට සතුටු හිතුනා.. ඒ තමයි මම ආසම සතා වෙච්චි අලියෙකුට කන්න දෙන්න පුළුවන් වෙච්ච එක. ඒක උනේ අළුත්ගම කන්දේ විහාරෙදි.. ගිය අය දන්නවා ඇතිනේ ඒකේ අලියෙක් ඉන්නවා කියලා.. නිකං නෙවෙයි හෙන ආඩම්බර අලියෙක්... පලතුරු එහෙම කන්නේ නැති පට්ට ආඩම්බර අලියෙක්.. වෙනදට මං දෙන දිවුල් ගෙඩියක් වත් ඌ කටේ තියන්නේ නෑ,. ඒ උනාට අද මං දුන්නු තල ගුලි පැකට් එකම මගේ අතෙන්ම අරගෙන එයා කෑවා... එයා දිග හොඩ සීතලට මගේ අතේ ගෑවුන විදිය තාමත් මට දැනෙනවා වගේ.

තල විතරක් නෙවෙයිනේ.. උක් දඩුත් කෑවනේ.. මීට පස්සෙ නම් දේවාලෙට පලතුරු වෙනුවට තල ගෝනියක් අරන් යන්නයි මං කල්පනා කලේ.. කොහොම උනත් අලියෙකුට කන්න දෙන්න ලැබුන එක කොයි තරම් ජොලි වැඩක් ද?

තව මොකද උනේ... වෙච්ච දේවල් මතක නැතත් අන්තිමට මේ අවුරුද්දේ අන්තිම බියර් විදුරවත් මගේ යාළුවෙක් එක්ක ඉවර කරලා මම මේ අවුරුද්දට බ්ලොග් ලිවිල්ලත් නවත්තනවා.. ආයේ හම්බ වෙමු 2012 නොහොත් ඩූම්ස් ඉයර් එකේදි....!

හැමෝටම ආදරෙන්..
මලී

Sunday, November 13, 2011

ඒ සුනේත්‍රා සහ බී සුනේත්‍රා


හප්පච්චියේ!!! මේකේ බැදිලා තියෙන මකුළු දැල් ගොඩ...! ඔහොම තමයිනේ ඉතිං පාවිච්චියක් නැති කොට. මං ඉතිං පස්ට බිසී හින්දා මේ පැත්තේ එන්නත් බැරි උනා. බිසී කිව්වට බිසීමත් නෑ මං හිතන්නේ. ඒ උනාට හිතට දැනෙන්නේ හරිම මහන්සි හැඟීම්.. අවුරුද්දෙත් අවසානෙට ටික ටික ලං වෙන හින්දද දන්නෙත් නෑ ඉතිං. සුපුරුදු පරිදි තව දවස් 45කින් විතර මේ 2011 ත් ගෙවිලා යයි. හෙන බයිලා හිතාගෙන ගේමක් දෙන්න අවුරුද්ද මුලදි පටන් ගත්තත් අන්තිම වෙද්දි ඉතිං කොච්චර කරත් එච්චරොම තමයි වගේ තමයිනේ ඉතිං දැනෙන්නේ! ඒකට මොකැයි කරන්නේ? කරන්න දෙයක් නෑ ඉතිං.. එහෙමයි කියලා මේ තරම් නෙගටිව් හිතන්න හොඳත් නෑ. අවුරුද්ද අවසානෙට එන හින්දා නිවාඩු එහෙම අඩු වෙමින් තියන නිසයි ඉතිරි නිවාඩු ගන්ත නිසයි හැමදාම වගේ වැඩට යන එන නිසා විවේකීව ඉන්න බැරි උනා. නිවාඩු තිබුනත් ඒ දවස් වලටත් වැඩ සීයක් විතර පෙළ ගැහෙන නිසා ගන්න නිවාඩු වලින් නම් තබේක වැඩක් නෑ. ඒ විතරක් යෑ... මගේ හැමදාම තිබ්බ කොම් පීටර් කොළුවා වෙනුවට මේ ටිකේ ලැපී නගෙක් සෙට් වෙලානේ. කී බෝඩ් එක හිතේ හැටියට කොටන්න ඉඩ මදි. හැම වෙලාවෙම ටයිප් කරන්නේ එකක් වදින්නේ එකක් නිසා සිංහල ලියවිල්ල නම් එපාම වෙලා හිටියේ. මේ ටික ලියන්නෙත් අත හුරු වෙන්නත් එක්ක. අනිත් වැදගත්ම කාරනේ තමයි නෙට් නැති උනත් කියවන්න ඇති තරම් පොත් ස්ටොක් එකක් තියෙනවානේ. ඉතිං එහෙම වෙලාවට බ්ලොග් නම් මොනාද????

ඉතිං පොත් කියෝගෙන කියෝගෙන යද්දි ආයෙමත් මාව සුනේත්‍රාගේ මායමට අහු උනා. අනේ මන්දා මං ඇන්ඳිලාද කියලත්.එහෙම නැත්නං මං ඕනාවට වඩා සුනේත්‍රාට හුනු ගානවද මන්දා.. ඒකට හරි උත්තරයක් නැතත් දැන් ටික දවසකට කලින් කියවපු කවි කඳුර ආයෙමත් මට මාරම සතුටක් ගෙනාවා. මම හරිම කැමතියි පොතේ ආරම්භයට හා මැද කොටසට.

ආරම්භය මට දුග්ගන්නාරාළගේ වගේ ඉක්මන් ගලායන විදියේ ලියවිල්ලක් තුලින් හදිසි කතාවක් කිව්වා. ඒ කතාවේ අතුරු කතාවක් විදියට “අකලංකාගේ“කොළඹ නුවර“ එහෙමත් නැත්නං පොතේ මැද කොටස මාව අමන්දානන්දයට පත් කලා.. හරියට “සියක් වසක හුදෙකලාව“ එහෙමත් නැත්නං “සිසිරයේ රැයක මඟියෙකු නම් “කියවද්දි වගේ හැබැයි ඒ තරමටම නෙවෙයි. නමුත් කියවීම ඇතුලේ පුද්ගලිකව මට තෘප්තිමත් වෙන්න පුළුවන් උනා. ඒ වගේම පොත පුරා චරිතයෙන් චරිතයට යොදාගෙන තියන බස් වහරේ වෙනස් වීම් නිසා චරිත හැබෑවටම පණ ඇවිත් පොතේ අකුරු උඩින් අපිත් එක්ක කතා කරනවා වගෙයි. ඒ උනාට ඉතිං පොත අවසන් වෙලා තියන විදියට නම් මං වැඩිය කැමති නෑ.. ඒ මුළු කතාවෙම යටි පෙළ සේ දිවෙන දේශපාළන මළ ඉලව්ව හින්දද මන්දා. එහෙම නැත්නං සුනේත්‍රාගේ හැම පොතකම අවසානය වගේ එකම විදියට පොඩ්ඩක් ආසන්නයෙන් ඉන්දියාට හරි නේපාලෙට හරි චිනෙට හරි ගිහින් නතර වෙන හින්දද මන්දා. කොයි හැටි වෙතත් අවසන් කරලා තියෙන රටාවට අකමැති උනත් මම කවි කඳුර පොත කියවන්න ලැබුන එක ගැන සතුටු වෙනවා. බොහොම ඉක්මනට එක දිගට පොතට මාව අලවලා තිබ්බ නිසා මං ආයෙමත් සුනේත්‍රාට ආදරේ කරනවා. ඉතිං ඒ සුනේත්‍රා ගැන අවසන් කරන්න කලින් කවි කඳුර කියවද්දි මට වෙච්චි දේකුත් ලියන්නම්.

මං ඉතිං නයිටක් ගහන දවසක ඔෆිස් එකට ගෙනිහිල්ලත් පොත් කියවනවා. ඒ හැබැයි කියවද්දි නිදිමත හැදෙන්නෙ නෑ කියලා මට හිතෙන එව්වා විතරයි හොදේ.. ඔන්න දැන් මං කරන්න තිබ්බ රාජකාරී එහෙම අහවර කරලා සැදී පැහැදී පොත කියෝගෙන කියෝගෙන යනවා. අපේ ඩිපාමට් එකේම වෙන තැනකට තමයි අපි හැමෝගෙන නයිට් ස්නැක් එක ලැබෙන්නේ. ඔන්න ඉතිං ඒක අරගෙන අතන ගෑණු ළමයෙක් මගේ සීට් එක ලඟටත් ආවා. ඇවිත්

එයා - ආ.. කියවනවා වගේ. මොකක්ද පොත‍?
මම - මේ ළමයි පොත් ගන්න බුක් ෆෙයා ගිය බව මම දැනගෙන හිටි නිසා මං සිම්ප්ලි කිව්වා “කවි කඳුර“
එයා - මොකක්?
මම - කවි කඳුර‍ සුනේත්‍රාගේ.
එයා - සුනේත්‍රා කියන්නෙ?
මම - ඇයි අනේ සුනේත්‍රා රාජකරුණානායක‍
එයා - අනේ අහලා නෑ අනේ.
මම - ඇයි අනේ මේ පාර ස්වර්ණපුස්ථක සම්මානේ හම්බුනේ මේකට නේ...
එයා - හා.. ඇත්තද මේ පාර බුක් ෆෙයා නම් ගියා තමා ඒ උනාට දැක්කේ නෑ..
මම - (හිතින්) @$!&$&$*(&*&%!#%&#
එයා - මම යනවා එහෙනම්
මම - හා.

-------- දැන් ඔන්න ඒ සුනේත්‍රා ගැන ඉවරයි----------දැන් බී සුනේත්‍රා-----

-----------පෞද්ගලික හේතුවක් සහ ඉල්ලීමක් මත මෙම කොටස ඉවත් කරන ලදි -------------

මෙය හුදු ආත්ම විවරණයක් මිස නිශ්චිත පුද්ගලෙයෙකු හෝ පිරිසක් වෙනුවෙන් මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සළකන්න.


* මේ බ්ලොග් එක ලියපු අනිත් එකා කොහි දැයි කිසිත් නොදනිමි. එක්කෝ හිරේ ගිහිං.. නැත්තං හිරයක් අරගෙන එහෙමත් නැත්තං මැරිලා හෝ ඌ හොඳින් ඇතැයි සිතමි.


pic from Sarasavi.lk

Monday, September 26, 2011

සැප්තැම්බර් මහා සාප්පු සවාරිය.

මේ ඉතිං සැප්තැම්බර් මාසෙනේ. අවුරුද්දක් පුරාම බලාගෙන ඉන්න අතේ තියන සල්ලි ටික සතේටම හිඳිලා රිම් එකෙන් යන රිම් එකත් ගෙවෙන මාසයක් තමයි සැප්තැම්බර්. මාසේ පටන් ගන්නේම අම්මාගේ උපන් දිනෙන් නිසා අගෝස්තු මාසේ අන්තිමේ ලැබෙන සැලරි එකෙන් සැහෙන කොටසක් ඒකට වෙන් වෙනවා. එකෙන් පංගුවක් තමයි ඉතිං අනිත්වටත් තියා ගන්ට වෙන්නේ. මොකෝ ඉතිං සිංහල අවුරුද්ද වගේ සැප්තැම්‍බරේ අඟ‍ වෙද්දි පොත් ප්‍රදර්ශනෙත් එනවානේ. ඉතිං අතේ නැතේ කියලා ඕකට නොයා ඉන්නවැයි...! අනික ඉතිං අපි වගේ හොඳ ළමයි ‍අවුරුද්දෙ අනිත් මාස වල ඉතුරු කරනවා කියලා එකක් කරන්නේත් නැහැනේ. ඒ වගේ දේවල් ගැන හිතනවා විතරයි. වැඩ නෑ හරියට වැඳි බණ වගේ.

කොහොම හරි ඉතිං මේ මාසේ මුල නම් හිතා ගත්තා මේ සැරේ වැඩිය පොත් ගන්නේ නැහැ ‍කියලා. මොකද ප්‍රදර්ශනෙන් අරන ගන්න ටික ඇරුනම අවුරුද්දේ ඉතිරි මාස වල පොත් නොගෙන ඉන්න එකක්යෑ! ඉස්සර ‍නම් අවුරුද්ද පුරාම ලැයිස්තුවක් හදාගෙන ඉන්නවා උනාට මේ ‍සැරේ නම් පොත් 8ක් 9ක් විතර තමයි මාසේ මුලදි ගන්න හිතාගෙන හිටියේ.

ඉතිං ඔය විදියට හදපු පොත් ලැයිස්තුව යන්න කිට්ටු වෙද්දි දන්නෙම නැතුව 14-15 උනා. කොහොමත් මම ප්‍රදර්ශණේට ගිහිල්ලා නම් පොත් තෝරන එක ගැන හිතන්නේ නෑ. මොකද සෙනඟ අස්සේ පොඩ් ස්ටෝල් අස්සේ හිටගෙන පොත් තෝරන්න ගියාම වෙන්නේ මටයි අනිත් මින්ස්සුන්ටයි සේරටම කරදර වෙන එක. ඒ නිසා කලින්ම හොඳයි කියන පොත් ගැන හොයලා ලිස්ට් එකක් හදා ගන්නවා. ඊට අමතරව ගන්නේ දැක්ක ගමන් ගන්න හිතෙන (ලේඛකයා හෝ පොත ගැන කලින් අහලා තියෙන නිසා) පොත් විතරයි.

ගිය අවුරුද්දෙම හිතාගෙන හිටියේ මේ අවුරුද්දේ නම් ටිකක් නිදහසේ ඇවිදින්න සතියේ මැද දවසක ප්‍රදර්ශනේට යනවා කියලයි. ඒ වගේම වැඩිය නැතුව පුළුවන් තරම් අඩු පිරිවරක් එක්ක යන්නයි හිතුවේ. මොකද නැත්තං කට්ටිය හොයන්නයි ගියාමත් මාත් එක්ක යන අයටයි ම‍ටයි දෙගොල්ලටම කරදරයි. ඒ උනාට ඉතිං අපිට තනියම යෑමක් ගැන හිතන්න පුරුදු නැහැනේ. ඒ නිසා කලින්ම යන දිනේ එහෙම කියලා යන අය සෙට් කරගත්තා.

ඉතිං.. ඔය විදියට ‍පෙරුම් පුරලා ‍ප්ලෑන් කරලා පහුගිය 23 එහෙම නැත්තං සිකුරාදා අම්මයි මායි ගෙදරින් පිට උනා. අපි දොර වහද්දිත් රචියා මල්ලියි එයාගේ නෝනයි එතනට ගිහිල්ලත් ඉවරයි. කොහොමින් හරි 10 වෙනකොට අපිත් ටිකට් එහෙම අරගෙන ඇතුළු වෙච්ච ගමන් දකුණට හැරුනම තියන ලොකු ටෙන්ට් එකේ ඉන්න අපේ පොඩි අය හොයාගෙන ගියා. ගියාම හයියෝ තාමත් රචියා හා උගේ ගෑණි විතරයි. ඔන්න ඊට පස්සේ ආවා අපේ බොස්.ඊටත් පස්සේ මැගී කන්න දත කට මැදගෙන එහෙම ආවේ අපේ ධථ්පුතා. දැන් කට්ටිය හරි.

අපි ගමන ආරම්භ කරන්න කලින්ම උදේ ආහාරය එහෙම සප්පයාම් වෙලා ඇඟට පතට හයි හත්තිය අරගෙන සෙනඟ පීරීමේ මහා මෙහෙයුමට එන්ටර් උනා. කිව්වට මොකද සතියේ දවසක් උනාට එදත් සැලකිය යුතු සෑහෙන්න තරම් සෙනඟක් හිටියා. වැඩියෙන්ම අවුරුදු 18-22ත් අතර වගේ තරුණ අය. බොහොම හොඳයි ඒක. මිනිස්සු පොත් ගැන උනන්දු වෙන එක කොහොමත් හොඳයිනේ.! ඉතිං කොහොම හරි දවල් තුන විතර වෙනකම් ඇවිදලා කරලා සෑහෙන්න ‍තරමේ පොත් ටිකකුත් එකතු කරගත්තා. පොත් දැක්කම ඉතිං අර කොකා සිල් ගත්තා වගේ තමයිනේ. බජට් කැලේත් නෑ.. කැලේ ගසුත් නෑ කිව්වලු!

කොහොම හරි අන්තිමේ හුඟක් දවල් වෙලා අපි බයි කන්න හිතනකොට තව කෙනෙක්ට මැගී ‍දොලඳුකක් හැඳුනනේ. ඔය තරම් දුර ඉඳන් ඇවිත් ඒ ඉල්ලීම ඉටු නොකර බැරි නිසා කොල්ලට නූඩ්ල්ස් කෝප්ප තුනකුත් කවාගෙන අපි බයිත් කාලා ගෙවල් බලා සතුටු සිතින් නැවත පැමිණියා.

ඔන්න ඔය විදියට තමයි මෙදාපාර පොත් සවාරිය ඉවර උනේ. පහළ තියෙන්නේ ගත්තු පොත් ටික. නම් ටික පේන නිසා අමුතුවෙන් ආයේ ලිස්ට් එක නම් දාන්නේ නෑ. ඕකටම අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවෝ පොතයි ‍අනෝමා ජිනාදරිගේ පුනරුක්ති මගේ කතාව යි එකතු වෙන්න ඕනි. මොකද ඒ දෙක පහුවෙනිදා අපේ බෙනා මාමාගේන් තෑගි ලැබුන නිසා.



තව ටික කාලෙකින් ‍හිතුනොත් මේවායේ හොඳයි කියලා හිතෙන පොත් ගැන ලියන්නම්.

Friday, September 16, 2011

තිත්ත කෝපි සහ පැණි වචන

පෙරේදා නිවාඩුවෙන් පස්සේ ඊයේ ආයේ ම‍ට දැඩි අසනීපයක් ඇවිත් මං හොර ලෙඩ නිවා‍ඩුවක් අරගත්තානේ. ඒ නිසා අද මට පැනල්ටි ලීව් එකක් හම්බ උනානේ.! එහෙම තමයි අපේ ඔෆිස් එකේ සිස්ටම් එක හැමතැනම නෑ හැමදාම නෑ!
කොහොම වෙතත් ඊයෙයි අදයි දවස් දෙකේම උදේ වරුව ගෙවිලා ගියේ දාන කටයුතු හින්දා. අනාදිමත් කාලෙක ඉදන් නොවුනත් දැනට අවුරුදු පහළවක විස්සක විතර කාලේ ඉඳන් හැම මාසෙකම පහළොස් වෙනිදා අපෙන් පංසලට මුරදානේ දෙන දවස. වෙනදට දෙන්නේ එක පන්සලකට විතරක් උනාට ඉතිං ගිය මාසේ ඉඳන් තව පංසලක් වැඩි වෙලා. සෙල්ලන් නැහැන් අපේ ගමේම පංසල් හතක් තියනවනේ. ඉතිං කොහොම හරි පහළව විතරක් නෙවෙයි දාසයත් දානේ දවසක් විඳියට කැ‍ලැන්ඩරේ ලියවෙන්න පටන් අරන්.
ඕකට ඉතිං පැත්තක ඉඳන් කැපිලි කෙටිලි වලට දායක වෙන එක තමයි මගේ පංගුව. තව ඉතිං සලාදේ හදන එකයි පපඩම් බැඳිල්ලත් මගේ තමයි. ඉතිරි වැඩ වලට ඉතිං දායක වෙන්න සිත කය වචනයෙන් පංසලටම පේ වෙච්චි අපේ ලොකු නැන්දයි සිට්ටි නැන්දයි දෙන්නා ඉන්න නිසා මට තියෙන්නේ උදෙන් නැඟිටලා එයාලා එනකං ති‍යන වැඩ වලට සහය දෙන එක විතරයි.
ඊයේ මහ පංසලට දානේ ගෙනියන වැඩෙන් ‍ශේප් උනාට අද භාවනා මධ්‍යස්තානෙට ගෙනියන දානෙට නම් ඉතිං මං නෑ බෑ නොකියා යන්න එකතු උනා. ඒකට හේතුව අපේ ගමේ කෙලවර පුරන් වෙල්යායට මායිම් වෙලා තියන ඒ පංසලේ ගාළු පාර අයිනේ තියන මහ පංසලේ නැති විදියේ ලස්සන චාම් ගතියකුයි පුදුම නිස්කලංක කමකුයි තියන නිසා.
කොහොමින් හරි පංසල් ගිහින් ආවට පස්සේ තමයි පිං ඵල දුන්නේ.! කරන්ට් එක නොදන්වාම නිවාඩු ගිහින්! හප්පා! මේ ටිකේ රෑට රෑට වැස්සට දවල්ට තියෙන්නේ පුදුම රස්සනයක්නේ! රස්නෙත් ඉවසුවැකි දාඩිය දාන එකනේ ඉවසලා ඉන්න බැරි හයියො! දැන් ඉතිං මොනා කරන්නද කියලා කියවන්න තියෙන පොත් ගොඩ දිහාවට ඇඳිලා ගියා.ළඟදි දවසක අපේ බෝමන්ල‍ගේ ගෙදර ගිය වෙලාවක එහේ තියන බෝ නිෂු යුවලගේ පොත් ගොඩ අස්සෙන් ඉල්ලගෙන ආව සුනේත්‍රාගේ කෙටි පණිවිඩය හා දිග කතා පොත කියවලා අවසන් නිසා සුනේත්‍රා රාජකරුණානායකයි සමන් අතාවුදහෙට්ටියි එකතු‍ වෙලා ලිව්ව හර්ද සූත්‍රය පොත අතට ආවා.
ඒකත් අරගෙන ගියේ මේ වෙනකොට දවල් කාලයේ පොත් කියවන්න හොඳම තැන විඳියට මං හොයාගෙන තියෙන අපේ අම්මලාගේ කාමරේ ඇඳට. එතන ඇඳ ඉහත්තාවේම තියෙන් ජනේලයෙන් එන ස්භාවික එළියයි හුළඟටයි අමතරව වෙන මොකක්දෝ මට නොතේරන දෙයක් නිසා එතන ඉඳන් ‍කියවන්න දැන් වෙනකොට මං හරි ආසයි. සමහර විට මගේ ඇදේ තියන ඩබල් ලේයර් සිංගල් මේට්ටෙට වඩා සුවපහසු ත්‍රපල් ලේයර් ඩබල් මෙට්ට්‍රස් එක වෙන්න පුළුවන් නැත්තං මගේ පංචි කොට්ට දෙක වගේ තුන්ගුණයක් විතර ලොකු තාත්තාගේ කොට්ට නිසා වෙන්නත් පුළුවන් එහෙමත් නැත්තං අම්මගෙයි තාත්තාගෙයි රස්නේ රැදිලා තියන නිසා වෙන්නත් පුළුවන්.. කවුද දන්නේ...
භාගයක් කියවලා ටිකක් නිදාගන්නවා කියලා හිතාගෙන ‍කියවන්න පටන් ගත්තත් ඒක එහෙම උනේ නෑ. හැබදාම වගේ සූනේත්‍රාගේ මැජික් එක අදත් මාව පොතට ඇඳලා තියාගත්තා. මීට කලින් කවදාවත් සමන්ව කියවලා නැති නිසා පොත පුරාම මට දැනුනේ සුනේත්‍රාගේ සුවඳ විතරයි.සමහර තැන් වල පුන්සරා කියන්නේ සුනේත්‍රාමද කියලා හිතුනේ සුනේත්‍රාගේ මතක පොතේ ‍දෙක කියවලා එකතු වෙලා තිබ්බ මතකත් එක්කයි. ඒත් එක එහෙම නෙවෙයි කියලා මගේ හිතේ ඉන්න ලොකු බබා චූටි අක්කි එහෙමත් නැත්තං සමාධි හිත ඇතුලේ ඉඳන් ටොකු ඇන්නා. හේතුව පොතේ මුළඳිම පුන්සාරා කියන ලේඛිකාවම අහනවා චරිත පිටුපස නිර්මාණ කරුවා සිටිනවා කියලා හිතනවා නම් හොරු මංකොල්ල කාරයෝ වගේ චරිත බිහිවෙන්නේ කියලා. ඒ අනූව බලද්දි මේ සුනේත්‍රාගේ කතාව කියලා හිතන්නත් බැහැනේ.!

කොහොම උනත් මේ වෙනකොට මම හදිස්සියේ ආව කැස්සක් නිසා බීපු කොෆ් සිරප් එක නිසා ඇති වෙච්ච නිදිමතකුත් එක්ක ඉන්නේ. ඉතිං හර්ද සූත්‍රය ගැන ලියන එක පස්සට දාන එක හොඳයි වගේ. ඔය පස්ස කවදාවත් නොඑන පස්සක් වෙන්න පුළුවන්. කමක් නෑ.

කොහොම වෙතත් හර්ද සූත්‍රය කියවාගෙන යද්දි මට ගොඩක් තැන් වලදි කතාවේ ඉන්න ප්‍රධාන චරිතෙයි මායි එක්කෙනෙක් වෙනවා වගේ දැනුනා. හේතුව තනියම කතා කිරිල්ල.. පවුලේ එකම දරුවා වීම..කොන්වන්ට් වල ඉගන ගැනිල්ල පොත් වලට ඇබ්බැහි වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මට මං වගේ තව අය මතක් උනා. පොතේ අකුරු අස්සෙන් මං කතාවටයි මා වටා ඇති ‍අනිත් ‍අය සහ දේවල් අතරයි රවුම් ගැහුවා. ඔය අස්සට‍ ඊ මේල් ඉන්ටනෙට් අස්සෙන් බ්ලොග් වලටත් හිත ආවා. එතකොට තමයි මතක් උනේ කලින් පොස්ට් එකේ බිංගෝ කියලා තිබ්බ ඩිප්‍රෙස් වෙලා නම් පොතක් කියවන ගමන් කැපචිනෝ එකක් බොන්න කියන කතාව..

ඔය ඩිප්‍රෙස්.. වගේ බරසාර වචන මගේ ජිවිතේ නැහැනේ අප්පා. අපි ඉතිං හෙන සිරා විදියට සිම්ප්ලි ජිවත් වෙන මිනිස්සුනේ. ඒ නිසා ඉතිං එන එන විදියට ගහ උළුවස්සා කියලා ජිවත් වෙනවා උනාට පොතක් කියවන ගමන් කැෆේ එකක් බොන්න මටත් ආස හිතුනා. ඉතිං ගියා කුස්සියට රත් කලා වතුර එකක් දැම්මා නෙස්කැෆේ කෝප්පෙට හැඳුවා තේකක් ඔප්ස්ස් සොරි හැදුවා ප්ලෙන් කොෆි එකක් අරන් ආවා කාමරේට ආයේ හාන්සි වුනා කියෙව්වා.. සිරාවටම එකේ අමුතු ගතියක් තියනවා තමා.ජිවිතේට රස්නේ වෙලාවට උණුදේවල් නොබොන මම දාඩිය අමතක කරලා කෝපි කොප්පේ හිස් කලා.ඊට වඩා ඉක්මනට පොතේ පිටුත් පෙරළුනා. බිංගෝ වෙනුවෙන් මේ පොස්ට් එක ලියන්නත් හිතුනා..

කොහොම උනත් අද හවස හය‍ වෙනකනුත් කරන්ට් නම් ආවේ නෑ.ඒත් තාත්තා හවස ගෙදර ආවම හැදෙන කිරි තේ වලින් මගේ පංගුවත් වෙනදට ලැබෙනවා උනත් අද අවේලාවේ කෝපි බිව්ව නිසා කොළ තේ එකකට යන්න හිතුනා.ඒ එක්කම පුන්සරා ‍උදේ යෝග කරලා එනකම් මුදිතත් ජස්මින් ‍ග්‍රීන් ටී එකක් එක්ක පුන්සරාගේ කවි පොත කියවන්න පටන් ගත්තා. මම මගේ ග්‍රීන් ටී එකත් එක්ක පුන්සරාගේ කතාව එක හුස්මට වගේ පැය හයකින් විතර එක දිගට කියවලා ඉවර කලා.

Wednesday, September 14, 2011

නිවාඩු පාඩුවේ

අද නිවාඩු දවස කියලා මතක් උනෙත් නිවාඩුවෙන් භාගයක් විතර ගෙවිලා ගියාට පස්සේ. ඒකත් මතක් කරපු හින්දා. එහෙමැයි කියලා පටන් ගත්ත වැඩ මඟ නතර කරන්නයෑ.. අනික අද වැඩ කරන්න හොඳ දවසක් මොකද අව්ව එහෙම නැති හින්දා වැඩිය දාඩිය දාන්නෙත් නෑ. අනික හැමදාම අයිස් කුට්ටිය වගේ ඉදගෙන අනිත් මිනිස්සුන්ට වද කරන්න හොඳත් නැහැනේ. එහෙමයි කිව්වට ඉතිං මගේ ගෙදර වැඩ කොටස මං ඇරෙන්න වෙන කෙනෙක් කරන්නෙත් නෑ.. නිළ ව‍ශයෙන් නැති උනාට ඉතිං ටොයිලට් හොඳන එක ෆිජ් හොඳන එක වගේ වැඩ ඉතිං එදාමෙදා තුර හැමදාම කලේ මම නේ. එහෙ‍ව් එකේ නිවාඩු දවස් කියලා එව්වා නොකර ඉන්න පුළුවනෑ.

හවස් අතේ ටවුන් එකට දුවලා එන්න හිතාගෙන හිටියට ඒ වැඩේ කෙරුනෙත් නෑ වැහි කළුවර හින්දා. වැස්ස දවස් වලටත් කඩ ඇරලා උනාට අපි යන්න ඕන වැස්ස යටින් නේ. ඔය ගමන් ගිහින් හෙම්බිරිස්සාවක් සෙට් උනොත් ඉතිං සොරිම තමයි. උණ සන්නිපාතේ හැදුනත් කමක් නෑ හෙම්බා නැතිව. ‍හෆොයි. සමහර අයට නම් ඉතිං ලයිෆ්ටයිම් තියන ලෙඩක් නිසා ඒක ලෙඩක් විදියට ගනන්ගන්නේ වත් නැති උනාට අපි ‍වගේ නිරෝගී ළමයින්ට හෙම්බා කියන්නෙත් ලොකු ලෙඩක් තමා.!
ඉතිං ගෙදර දොරේ වැඩපළ ‍එහෙම සේරම අහවර කරලා නාකියාගෙන බලනකොට දවස ගෙවිලා ඉවරයි. හෙට ඉදන් ආයෙමත් සුපුරුදු චරියාව.


රස්සවල් කරන ඉගන ගන්න ඔය කොයි කාගෙත් නිවාඩු දවසක් සම්බන්ධව ප්‍රකාශය බොහෝ දුරට ඔය වගේ ඇති කියලයි මට නම් හිතෙන්නේ. වැඩ කරන අය අමතක කරලා ගෙදර ඉන්න අය ගැන බැළුවත් මං හිතන්නේ ඕක ඔහොම තමා. බැඳපු දවසේ ඉදන් රස්සාවක් කරලා නැති අපේ අම්මාගේ කතාවත් ඔය වගේ. ගෙදර දොරේ වැඩ පළ කරලා ඉවර උනාට පස්සේ තමන්ගේ වැඩක් කරගන්න වෙලාවක් නැතිලු.
ඒක ඇත්ත වෙන්න පුළුවන්. මොකද තමන්ගේ වැඩ කරගන්න තියෙන වෙලාවෙන් සෑහෙන්න ප්‍රමාණයක් මෝඩ පෙට්ටියෙනුත් ගිළගන්නවානේ. හරියට අපේ වෙලාව ජාලේ විසින් කා දමනවා වගේ.. කා දමනවා කිව්වට හරි වචනේ කාදැමුවා වගේ.. හික් හික්.. අතීතය හරි සුන්දරයි කියනවානේ.. ඒ සමහර විට ඉස්සර අපි කරපු හපන් කං මෝඩ කං බූරු කං වගේ එක එක කං මතක් වෙන හින්දා වෙන්න ඇති. පෞද්ගලිකව ගත්තම දවසට පැය 15-20ක් විතර නෙට් එකේ බයිලා ගහපු කාලයක් මට තිබුනා. කොටින්ම මේ බ්ලොග් එක පටන් ගත්තෙත් ඔය කාලෙදිම තමයි. චැට් ෆොර්ම් අරහේ මෙහේ කරක් ගහලා අන්තිමේ නතර වුනු මගේ තැන.
ඒත් දැන් වෙද්දි ඒකත් එපා වෙලාදෝ මන්දා. මේ ළඟදි කෙනෙක් ඇහුවා ඇයි දැන් ඔයා ලියන්නේ නැත්තේ කියලා.. අනේ මන්දා මම කවදාවත් වැදගත් දෙයක් නොලිව්ව හින්දා නොලියන එක මට කොහෙත්ම ප්‍රශ්ණයක් නෙවෙයි‍. ඒ නිසා මට ඕනේ නැති නිසා කියලා කිව්වම ඒ පුද්ගලයා කිව්වේ ඒ උනාට ඔයාගේ අනන්‍යතාවය රැදිලා තියෙන්නේ ලියන එකේ කියලා. මම දැනුවත්ම කවදාවත් මට එහෙම එකක් තිබ්බේ නෑ වගේම ඒ වගේ එකකින් මට ඇති වැඩකුත් නැති නිසා වගේම ටිකක් තරහාත් ගිහින් හිටි නිසාද කොහෙදත් මම කිව්වේ ඒක මගේ කැමැත්ත මට ඔය බ්ලොග් එක නැතුවට කමක් නෑ.. දැන් මට ඒක එපා වෙලා ඒක තිබ්බට වඩා‍ හොඳයි එහෙම එකක් නොතිබ්බනම් කියලා.. එතකොට අනිත් කෙනා කිව්වේ ඉස්සර ලියපු ගොඩ දෙනෙකුට එහෙම හිතෙන නිසා වෙන්න ඇති දැන් ලියවෙන්නේ නැත්තේ කියලා.

එක අතකින් කල්පනා කරගෙන යන‍කොට ‍ඒක හරි. අළුත් නම් වලින් ලියන්න පටන් අරගෙන නැත්නම් මං ලියන්න පටන් ගත්ත කාලේ හිටි බ්ලොග්ස් ලට මොනා වෙලාද දන්නේ නෑ.. ඒ ‍මිනිස්සු නෙට් නැති තැන් වලට ගිහින් වෙන්න බැහැනේ. ෂුවර් එකටම මං වගේ අනිත් අය ලියන ඒවා හිතෙන වෙලාවට කියව කියව එපා වෙනවෙලාවට ඒකවත් නොකර ඉන්නවා ඇති. හබෑවටම උවමනාව ඇති කෙනෙක් ඇරුනම එපාවීම කියන දේ කාටත් බලපාන නිසා බ්ලොග් ලිවිල්ලත් එපා වෙලා ඇති. නැත්තං ඊට ව‍ඩා රසවත් දේවල් හොයාගෙන ඇති. නැත්තං අම්බානෙකට බිසී වෙලා ඇති(ඒක නම් කොහෙත්ම එක්ස්කියුස් එකක් නොවුනත්)

ඉස්සර අළුත් බ්ලොක් එකක් පටන් ගැනුනේ සතියකට එකක් දෙකක් විතර නමුත් අද වෙද්දි මට පෙනුන විදියට දවසට දහයක් විතර උනත් පටන් ගැනෙනවා. ඔය විදියට තිබුනොත් ලංකාවේ හැමෝටම බ්ලොග් එකක් තියෙයි ජාතික හැඳුනුම් පත් වගේ. ඒ උනාට වෙලා තියෙන්නේ බ්ලොග් නිකං සිම් වගේ වෙලා. හැමෝ ගාවම හය හතක් තිබ්බට එකක් වත් හරියට වැඩ නෑ එක්කෝ මාසයක් දෙකක් අප්ඩෙට් එනවා හෝ ගාලා ඊට පස්සේ ම්හු!

ඔය කොයි හැටි වෙතත් මං කල්පනා කලා ඇයි ඇත්තටම මම ඉස්සර වගේ ලියන්නේ නැත්තේ කියලා. හේතූ කීපයක් තියනවා.
1.) මම ලියන්න පටන් ගනිද්දි කිසිම කෙනෙක් මාව දන්නේ නෑ.කොටින්ම මගේ ඇත්ත නමවත් මං ඉන්නේ කොහෙද කරන්නේ මොනාද මං කොයි වගේද බ්ලා බ්ලා.. ඒ නිසා නිදහසේ මට ඇබ්නෝමල් වෙන්න ඉඩ තිබුනා. මොකද මං මොනවා ලිව්වත් කවුරු මාව වරදවා වටහා ගත්තත් මට ප්‍රශ්ණයක් නැති නිසා.ඒත් දැන් වෙද්දි ඒක වෙනස් සැලකිය යුතු පිරිසක් මාව දන්නවා මාව දැකලා තියනවා. මං මොන වගේ පිස්සෙක්ද කියන්න දන්නවා. මගේ අදහස් දන්නවා. ඒ නිසා මොනවා හරි දෙයක් ගැන මගේ අදහස් මට වෙන අයත් එක්ක බෙදා ගන්න ඕනි නෑ. මොකද මම කිව්වත් නැතත් මං ඒ ගැන හිතන්නේ කොයි වගේද කියලා ඒ අය දන්නවා. ඉතිං අමුතුවෙන් ලියන්න මහන්සි වෙන්න ඕනි නෑ.
2.) ඔය ඉහත කාරනේ හින්දම මට දුක ‍හිතෙන හරි කේන්ති ගිහින් හරි මොනා හරි ලිව්වොත් අනිත් පැත්තට කෝල් කරලා මොකක්ද අවුල කියලා අහන්න දැන් කට්ටිය ඉන්නවා.ඇයි ඒ වගේ දෙයක් ලිව්වේ. මොකක්ද ඒකෙන් අදහස් කලේ ඒ වගේ. ඉතිං මට හිතෙන දේ විතරක් ලිව්වට පස්සේ කවදාවත් ඒකට පසුකතන දේවල් දෙන්න මම අකමැති හින්දා ලියනවට ‍වඩා හිතලා නිකං ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා.
3.)ගොඩක් වෙලාවට ඉස්සර මම තනියම හිටියෙ.වැඩ කලේ තනියම ගෙදර අම්මා අප්පා ඇරුනම හිටියේ තනියම ඒ නිසා කාට හරි කියන්න දේවල් හිතේ තිබුනා. ඒත් දැන් වැඩ කරන්නේ ගොඩක් අය එක්ක, හිතේ තියෙන දේවල් වමාරන්න කෙනෙක් ඉන්නවා මොනා හරි පොඩි දෙයක් උනත් හිතේ කැකෑරී කැකෑරි තියෙන්නේ නෑ බොග් ගාලා වන් කෝල් වලින් එළියට පනිනවා.ඒ නිසා ලියන්න දේවල් නෑ මොකද ඒවා කියලා ඉවර නිසා
4.) අනික ඉස්ස බස් එකේ ‍යන ගමන් කල්පනා කලා. දැන් බස් එකේ යන ගමන් කරන්නේ දොයි බබා වෙන එක නේ..
5.) අන්‍තිමේ වයසත් එක්ක දැන් වාද කිරිල්ල එපා වෙලා ගිහින් නිසා. හිතෙන හැමදේම එළියට දාලා එක එක අයගෙන් කතා අහනවට වඩා ඒවා හිතේම හිතලා ඉවරයක් කරලා දාලා මායි හිතයි ශේප් එකේ ඉන්න එක හොඳයි කියලා හිතෙන නිසා. මොකද අද වෙද්දි මට ගෝසාවල්.. වාද බේද.. අනම් මනං සේරම එපා වෙලා ඉන්නේ. කොටින්ම සිංදුවක් අහන්නෙත් තෝරලා බේරලා නිව්ටල්ම ඒවා. නැත්තං ඉතිං ඉහේ ඇම්ම තමා. ඇත්තටම මට අසනීපයක් ද මන්දා. මට දැන් සද්ද බද්ද ඇහෙන එක මහම වදයක් වෙලා. ඒ වගේම වාද වෙන එකයි වෙන ඒවා දකින ‍එකයි. ඒවායින් හැකි තරම් ඈත් වෙලා ශේප් එකේ ආතල් එකේ ඉන්න එක තමයි මගේ එකම පැතුම!

ඔය වගේ හේතු නිසා ඇත්තටම ලියනවට වඩා නොලියා ඉන්න එක හොඳයි කියලා මට හිතුනා. ඒත් අර මං ලියන්නේ නැත්තේ ඇයි කියලා ඇහුව කෙනාට උත්තර දුන්නා වගේ බ්ලොග් එක එපා වෙලා නම් නෑ. මොකද මං මේක හැදුවේ අම්මෙක් කුළුදුලේ දරුවෙක් හදනවා වගේ. ‍බ්ලොග් කියන්නේ මොකක්ද මොනාද ඒකෙන් කරන්නේ බ්ලොග් වල ලියන්නේ මොනාද සින්ඩි කියන්නේ මොනාද ඒ මොකුත් නොදැන. එහෙම පටන් ගත්ත බ්ලොග් එක එපා වෙන්න මට! හූහ් හීනෙන්වත් නෙවෙයි.!

දැන් ඇති මගේ නිවාඩු දවස අවසානයි.!

Thursday, September 8, 2011

අද වගේ දවසක් වෙනුවෙන්.


තත්පරෙන් තත්පරේ
විනා‍ඩියෙන් විනාඩිය
අතීතෙට ගෙවිලා යන
ජිවිතේ අස්සේ

පොඩ්ඩෙන් පොඩ්ඩ
අපිටම අමතක වෙලා යන
ඒත් ආයෙමත් ඊළඟ අවුරුද්දේ
ඒ දවස ආවම
අපිටම මතක් වෙන

ටිකෙන් ටික එපාවෙන
ජිවිතේ ගොඩක් දේවල් අස්සේ
තාමත් එපා නොවී....

එහෙම කිව්වට
වෙලාවටකට එපා වෙවී..
ඊටත් ඉක්මනින් ඕන වෙන
අපේ ජිවිත අතරේ
අල්පේච්ච බැඳීම් අතරේ
එකම එක බැඳීමක්
හදාගන්න හිතුන
ඒ හිතුනට පස්සේ
මොකුත් නොහිතුන
ඒ ගැනම පමණක්
තාමත් හිතන හිතෙන
අපේ කතාවට
අදට ...

තේරෙනවානේ ලියාගන්න බෑ කියලා.. ඒ නිසා මීට වඩා බෑ.. :D

Tuesday, August 23, 2011

Trogging

Trogging or Trogg... I did'nt actually looked up the correct definition.... but i guess it basically means "slow and aimless walk"

What began with a slow trog in the early human civilization slowly turned into riding on animals...then carts.....etc etc...and now the Bugatti Veyron which we have today.

But heck with all that... the basic point here is that right now i am travelling in a shinkanshen ...that's the name the Japs call their bullet trains..

Now, from the moment I got my self here, in have been travelling a lot in these ..may be 10 - 12 times up to now....but every time I travel in these I still get amazed by the sheer speed and the velocity that this hulk of metal haul to and from people from place to place.

I think...up to my knowladge these Japs have the fastest of these trains........ at 350 kmph ...its always a breathtaking ride :-)

Thursday, August 18, 2011

How to cook

Ladies and Gentle-mans,.. please sit back, relax and carefully see the deliceeeeeiouse recepies of Japanese cooking.

I must warn you though..,the following recepies are crazy hard to make and i had to study then point perfectly for more than one month before I could even undesrand the sheer gravity and the hard work that goes in to making these dishes.

It's never like our easy Sri Lankan cooking... if you really think about it..SL cooking are for pussies !!!! Because its just dam easy. Japanesw cooking is an art form that takes years and years of practice to get it perfectly right.

So, without further adue,.. here are some recepies you might like to try out.

Beef

Cut beef,
Dip in soy sauce and Wasabi
EAT!  ( yes, no cooking..just eat)

Fish

Cut fish,
Dip in soy sauce and Wasabi
EAT

Prawns

Wash
Dip in soy sauce and Wasabi
EAT

Salads

Grate vegitables
Dip in soy sauce
EAT

..eeeer...

I guess you know the rest :-)

හයියෝ සෙරෙප්පු!


කාලයක් තිස්සේ ඇතිවුන ගැටළුවක් ගැනයි අද මම ලියන්න යන්නේ.. ලංකාවේ දැනට තියන හැම ප්‍රසිද්ධ පාවහන් නිශ්පාදන ආයතනයකම යාවජීව සාමාජිකාවක් හැටියට මේ ගැන ලියන්න මට සෑහෙන්න සුදුසුකමක් තියනවා කියලයි මම විශ්වාස කරන්නේ..!

හ්ම්ම්.. මොනවද ඉතිං ලංකාවේ අපිට නම් සෙරෙප්පු කිව්වම මුළින්ම ඔළුවට එන්නේ රෙදි හොඳන සබන් නම් සන්ලයිට් වගේ සෙරෙප්පු නම් ඉතිං බාටා නේ? ඒත් ඉතිං දැන් කොහොද ඔරිජිනල් බාටා ‍ගන්න තියෙන්නේ? (මම මේ ලියන්නේ බාටා ස්ලිපස් ගැන නෙවෙයි හොදේ!) මම කතා කරන්නේ කාන්තා පාවහන් ගැන.! බාටා වලට පස්සේ සැම්සන්ස් එහෙම නැත්තං ඩී.එස්.අයි.! ඒවා නම් ඉතිං හැමතැනම තියනවානේ..! ඒ උනාට ඉතිං හොඳ එව්වා කොහෙද තියෙන්නේ?????????????????? :(( :(( :((

මං වගේ අහිංසක ළමයෙක්ට සෙරෙප්පු වලට නාස්ති කරන්න තරම් සල්ලි නෑ අප්පා..! මාසෙකට සෙරෙප්පු ජෝඩුව ගානේ අරන් තියන්න ඉඩකුත් නෑ..! ඔන්න ලස්සන බලලා ගත්තොත් එක්කෝ හීල් එක අවුල් නැත්තං දවස් දෙකක් දාද්දි පටියක් ගැලවිලා.. හයිය බලලා ගත්තොත් තව මොකක් හරි අවුලක් මට නම් දැන් එපා......... වෙලා..!

කොහොමටත් මට ලාවට හරි මගේ කකුළට හිර වෙන සෙරෙප්පු හරියන්නේ නෑ..! ඒවා දාගෙන ඇවිදින එක තමයි මේ ලොකේ මට එපාම කරපු වැඩේ..! ඒ නිසා හැමදාම ගන්න සෙරෙප්පු වල මොනා හරි අවුලක් තියනවා..! අම්මා කියන හැටියට මට එක්කෝ සපත්තු හදන මිනිහෙක් බැඳගන්න වෙනවා.. නැත්තං සපත්තු හදන කම්පණි එකක් මටම පටන් ගන්න වෙනවා..!

රබර් ස්ලිපස් තරම් හොඳ කිසිම සෙරෙප්පුවක් නැති මේ රටේ මිනිස්සු වෙන සෙරෙප්පු ‍දාන්නේ මොන එහෙකටද මන්දා..! කවුරුවත් ඔෆිස් එකට රබර් සෙරෙප්පු දාන්නේ නැති නිසා මට දාන්න විදියකුත් නෑ..! අනේ ඒ නිසා මගේ අහිංසක කකුල් දෙක කොයි තරම් දුක් විඳිනවාද..! පව් අප්පා මං..!!!

අනේ මට සෙරෙප්පු දාන්න බැරියෝ...!!!



Tuesday, August 16, 2011

Dig your heart out

Dig your heart out.
Dig for your hopes.
Dig for your dreams.
For the treasure.
For the love.
Scratching the surface
till you reach
the bottomless pit.
Until your fingers bleed
Because no matter how far
you go
you'll never find
what your looking for.

Monday, August 15, 2011

Hiking Kurikoma

And it was coming close to yet another end of a week and I was bored as a lame gay fuck on a lesbian convention !

(stunning ! .. i come up with the wieredest explanations all of sudden... a new found talent :) .. lame gay fuck on a lesbian convention... HA HA HA.. where the fuck did that come from I wonder :O )

anyways.. moving on....

now..on Friday.. I had to sort out some issues with my mobile and Xoom provider here in JP.. Like Dialog, here they have one called AU KDDI ..

I got my arse into one of em shops and set about sorting things out...well... in reality of things, if you don't know how to speak Japanese this can be an absolutely a pain in the ass. But on my previous visits, I met a small packaged girl by the name of Tae (pronounced as "taH Oh) who happens to speak decent English and could carry a decent conversation without crash landing in the middle. She's about 4.10' absolutely a cute example of a normal Japanese girl.

I was even commenting on one of my colleagues that some Japanese girls are NOT MADE to be hot but Absolutely CUTE to the teeth !!!!.. and she was a fine example of such.

Anyways... at the end of the problem sorting session, i just simply said.. "i am bored and nothing to do on Sunday.. wanna go out for a hike? "

And here are the pics of ONE OF THE most beautiful hikes I have ever taken in my life..

Ok.. not my hiking partner.. she's a great sport with a great sense of humor and turned out to be an incredibly intelligent character in the cutest small package I have ever met ! ... also turned out to be a great girl pal to go boozing with :)












Friday, August 12, 2011

Probably the Best....

There was an analysis of humans that I read some time ago. It said that Cats live alone..which means they live their lives alone and doesn't depend on anyone else of their kind to keep them company. ... For dogs, they are considered as pack animals which needs a family around them to live and be contend with.

However, humans are considered as Social animals where we need not just a family but friends, neighbors and a whole society in large to be contend and live our lives in.

Now fast forwarding to the present time... in this cosmopolitant and globalized world, people travel around and live in totally different soceities of what they are used to. So, in which point do we feel that nostalgic need of the familiar?

Taste !


That is my weak point. I don't know about others since i am not in their bodies to judge. For me , i long for that taste of the familiar food and aromas where ever I go. I can put up with most of the idiots who inhabit other parts of the world, the odd customs and crazy shit people do differently from place to place..........but i always go on looking for that usual familiar taste of Chillie over killed and spiced up food that sustained me for the last 29 years of my life.

But in time you do get use to the food of the locals.... speaking of me, now I can tolarate the 18 different types of 'sushi' these Japanese pricks eat and go through the barberic ritual of eating pigs and cows uncooked.... and I have come into terms of acccepting that soy souse play the most important part of these meals.

But, I smoke and I consume alchchol...

So what's the big deal you may ask? ... well, again speaking for my self.. I am someone who saavor the taste of what I smoke and drink.

As would be any self respecting smoker and a dipsomanic would confess that changing the preference of these two items are impossible.

And you think that in Japan, finding my flavour would be a brisk?........ OH FUCKING HELL NO.

Incredibaly these sons of bithches do not have Benson & Hedges... great..and the alchchol... they have everything in this known fucking universe except for the beer i tresure and love most. Hence, it was my mission from the day two of my excistance in this land to find them.

As for the smoking... i sort of took a different route considering my health... since I am a chain smoking bastard...I decided to cut down my consume of ciggarets and with much pain changed into a much more milder nicotine percentage pack.

Talking about it.. well, it's a new product by Marlboro. The name is "Ice Blast" Pictured below.

So, what is so Interesting about it? ... well.. smoking this thing is like getting a brick of ice forced down your throat. This ciggeret actually has a small ball inside the filter which you have to BITE down and break before you light this up....

Good point about this is the fact that when you feel ice cold in your throat, you don't have the craving for another smoke for atleast half an hour. Example which you might understand better is that you never smoke while drinking an sub zero cold Coca Cola in your hand right? ... like wise, you don't "feel" like smoking :)

But as for the story of my beer... this is where it gets interesting. :)

Now.. I love my brand of beer.. I only drink it and it makes me more close to home than anything in this world can throw at me...

But finding it was what was an adventure of it own self.

I searched the entire city of Narita from the moment I landed.... and no go :( ... then the city of Oita I turned upside down........still not in sight.

I checked the beer makers web site... i googled... i did everything possible...

Then all of a sudden i got lead for a reliable source (another hardcore dipsomaniac) and "she" told me that if I don't find it in this place, you will never find it anywhere in the whole of Japan.

So the day came for me get down and dirty in "mission find me effin beer" :)

I got to the place.....suitably named "YAMAYA" .... a world of Liquor shop...




I entered and eagle eyed through rows and rows of Liquor of all kinds and makes., later when i did a small calculation i figured that that store actually has 2Km's of racks filled with Liquor !


Somewhere there... I met an old aquitaine of mine Mr. Mendis as well. With hope filled in my heart as I entered the beer section i did an unbelievable thing I have OR rarely done in my life.

I Prayed... !!!!

I looked above, crossed my self and said "JC and GAM.. I rarely ask for things...but this is absolutely, unbelievably, in epic proportionality, utmostly, boombasticly, giga sizely important to me as a fat bitch with a cup cake...... I need to find me my beer inside here.... I want it, I need and I must have it... so either give it to me or I will get my self to the nearest church and piss on you"

and I walked in... searched for nearly an hour...

and hidden under useless useless useless ton of beer brands... THERE IT WAS ... JUST ONLY 18 BOTTLES of the ABSOLUTELY BEST !!



Yes.. it's Carlsberg... Not Probably... but positively the BEST BEER IN THE WORLD !!!


I love god sometimes :)

Wednesday, August 10, 2011

Fishing

Fishing is just plain damn sin..... you travel, take the equipment which you had already spent a fortune on..... reel it out...wait.... then catch your price and kill it by knowingly starving out of air...

But as with many things in this wretched life...its the sin that never fails to give you the daily dose of "awsomenesssssss"...

So where are we getting at? Well keeping up with Malees fad of posting travel pics, let me take a shot at posting a little of mine...and of the new damn sin of a hobby I picked up.... "fishing". To start off with, I already busted close to 60,000 ¥ getting the gear and i must say it totally worths it. I think the point is more about getting to travel around the country for a purpose (sin or not) and getting to see the "awesom " places while at it.

Well, me and my sin buddy decided that we would not kill the fish we catch but release them back to the water..and buy some already dead fish from the supermarket on way back.....although that is the equalant of dry humping Jessica Alba for free and paying to get a blow job from a crack whore at least we will be free from the guilt of not killing the fish.

So where the jouney starts?  In my own bloody back yard.... currently I am residing in an area where its the MOST beautiful in all of  Japan... and when i say beautiful, its simply breathtaking at every turn of a corner.

I am not going to post any pics of the caught fish...because either that will be just too gross or it would an utter embarrasment :-)  ... but i will post the below pics of the roads that we took to get there....

There are three lakes in these pictures.....since I am posting through an Android widget in my Xoom, it doesn't let me tag or insert lines between the pics..
The lakes are "Lake Izunuma, Lake Naganuma and Lake Hanauama"...all are situated in and around Kurihara ken in the Miyagi Prefecture.








Tuesday, August 9, 2011

Wonderland

Wonderland is not a place, but a state of mind; take myself for an example.

I am mad as a hatter and quick as a rabbit. I always like to be punctual for appointments and I dislike those who disobey me. But beyond that, I anger myself. I make me want to chop off my own head in annoyance every day and I do it quite often in truth.

I kill a small part of myself every day, but the problem is that I tend to come back to haunt myself. So I sit in my throne: a lonely monarch with no one who loves me and spirits floating by. I sit and wish for some tarts, but then I remember that I stole those from myself, because I am also the Knave here too. The only form of amusement that I can gain is the slight satisfaction of the sound of the blade when I kill another part of me.

But Alice cries out in anger and sorrow, because she (or is it me?) doesn't appreciate the way that I am inducing a mass-suicide within myself. Alice thinks that I need to embrace the positives of these offenders and that I should let them go. But the Queen in me says no, because it is much better to be feared than to be loved; even within my own mind.

Now the rabbit reminds me constantly that time is running out, and as the Hatter contemplates things that begin with the letter "M," I anxiously await the day when I will finally chop off the head of that wretched Alice, ridding my mind of the only innocence I have retained. But then the Cheshire Cat whispers in my ear that I must hurry, before the ghosts of my former selves decide to rise in rebellion and drag me into the belly of the Jabberwocky.

Because when the most dominant part of you is lost, who will lead the shards that remain?
                          But then again...who doesn't like to see Cheshire smile one more time......

Sunday, August 7, 2011

එකයි.. දෙ.කා.යි.. තු...නා....යි.....!


2008 ඉඳන් 2009 වෙනකම් අඩුම ගානේ දවස් දෙකක‍ට එක ගානේවත් ලියපු
2009 ඉඳන් 2010 වෙනකම් සතියට එක ගානෙවත් ලියපු
2010 ඉඳන් ලියනවට වඩා නොලියපු
"Abnormal Minds" අපේ බ්ලොග් අඩවියට
අදට අවුරුදු 3ක් වෙන වෙලාවෙවත්

මොකවත්ම ලියාගන්න බැරි තරමට වචන නැතිව අසරණව දැනෙන හැඟීම ගැන මීට වඩා ලියන්න දෙයක් නෑ..
බ්ලොග් එක පටන් අරන් අදට අවුරුදු තුනයි..
කතාව එච්චරයි!

Thursday, August 4, 2011

Smash or Pass

I know many here are not Christians... but just in case if you are, what do you think of this?

Smash or Pass?

Full image
http://i54.tinypic.com/sea8hx.jpg


Tuesday, August 2, 2011

Blast from the past

Pew...how long it has been since the last time I showed my ars over in the blog?...years....?

It was many things...amongst them would be the change of my material status, troubled waters.....troubled times then I guess the cherry in top was my self migraring. Oh yeah.. I am far far away in the east now. Doing the same job, but for a whole bunch of limitless bowing faggot arse son of bitches in a country called Japan.

Life here is pretty darn good...I can't honestly call it brilliant since I am yet to wrap my tounge around three alphabets and whole bunch of loonies who knows nothing else but to sit and work their entire missarable lives....pity that they don't have a word for "fun" in Japan.

I read malees road trips :-) .... if that's the fad in posts these days, I can out do you with amazing stories and pictures from this side of the world...where I am living at the moment is one of the most beautiful places on entire earth I have seen. Trust me, I have seen a lot of the world but nothing compares to what I am seeing everyday on my way to work at present. The 30 km ride everyday takes me pass snow capped mountains, cascading waterfalls, 6000 acre plantation of Apples and paddy, amazing pine tree covered mountains and best of all, a curvy road with no speed limits.

Got free time now and seems that I am over the jaggered mountain roads and riding on flat and easy surface from noe on....so I hope I will be able to contribute back again to the blog........and ar last, let me leave wit the fine art of Japanese Donkey Fucking. :-)


Sunday, June 19, 2011

පාර දිගේ 5

පාර දිගේ ගිහින් අන්තිමේ නැවතුවේ බළංගොඩින්නේ.. අද බළංගොඩට උදේ උනු වෙලොවේ ඉදන් චෙච්ච සිද්ධි ටික තමයි ලියවෙන්නේ.

කලින් දවසේ කලින්ම නිදාගත්ත නිසා යන්තං උදේ හය හයහාමාර වෙනකොට නැඟිට ගන්නත් පුළුවන් උනු හින්දා උදේම පොඩි අක්කාගෙන් ලැබුන ‍කිරිතේ එක එහෙම අවට වටපිටාවේ සිරි නරඹන්න අපි පටන් ගත්තා.. මං ඉතිං ඒ පැත්තට අළුත් උනාට මාත් එක්ක ගිය එකාට එහෙම නැහැනේ. ඉතිං එතුමියගේ පරිසර දැනුම පිළිබඳව විශ්මයට පත්වෙමින් මට ඒතුමියගේ අඩිපාරේ හා හා කියමින් යන්න විතරයි තිබුනේ.කලින් ද‍වසේ දුන්හිඳ බලන්න ගිහින් වෙච්ච සංතෑසියේ හැටියට කන්දක් නෙවෙයි පඩියක් නැඟ ගන්නවත් හයියක් නොතිබෙයි කියලා හිතුනට ඒ ගෙදර පිටිපස්සේ තිබුන කන්දට නම් නොදැනම වගේ නැඟුනා..අපි ඔය නුවර එහෙම යනකොට පාර දෙපැත්තේ කෙත් වතු වලට එපිටින් තියන කඳ දැක්කම මම හැමදාම හිතුවේ ඒවා රජයට අයිති දේවල් කියලා.. ඒත් ඉතිං මෙදා තමයි දැනගත්තේ ඒවටත් පෞද්ගලික අයිතිකාරයෝ ඉන්නවා කියලා.. කඳු පල්ලමේ ගෙවල් හදලා..කඳු වල වගා කරලා.. හැමදාම ඉතිං උදේ හවා ඔවා අතුපතු ගාන්න යන්න පුළුවන් කාටද? ඒ නිසා ඉතිං කෑළෑවත් වැවිලා අතරින් පතර.. ඔය වගේ කන්දකට මං නං නැග්ගමයි.. ඒ උනාට ඉතිං උදේ පාන්දර අව්වත් හරියට වැටිලා නැති එකේ ෆුල් ෆිට් එකේ කන්ද මුදුනටම අවුලක් නැතුව නඟින්න නම් පුළුවන් උනා.. කෑලෑ පේර වලින් සාක්කු පුරවගෙන හෙන ඇඩ්වෙන්චරස් ගමනක් තමයි ඔන්න මම නම් ගියේ..!

ජිවිතේ පළවෙනි වතාවට මම ආසම පලතුරක් වෙන ජමනාරං ගහකුත් මම හැබැහින් දැක ගත්තා.. ඒ ගහ දැක්කම නම් ටිකක් විතර බයත් හිතෙනවා කොයි වෙලාවේ ගෙඩියක් ‍ඔළුවට වැටෙයිද කියලා ඇයි ඉතිං එක ගෙඩියක් පොල් ගෙඩිය ක් විතර සයිස් එක අත්තේ එයින් ගෙඩි දෙක තුනක්ම තියනවා! අම්මො!ඒ වගේමයි වත්ත පුරා තියන ජම්බු ගස්.. දකින දකින් අත පොඩි පොඩි ජම්බු ගස්.. ගෙඩි නිකං ලයිට් දාලා වගේ.. ඉදිලා බාගයක්ම බිමත් වැටිලා..මං හිතන්නේ ඒ පැත්තේ අයට ජම්බු එහෙම දැකලම එපා වෙලාද කොහෙද.. මෙහේ තිබ්බා නම් එහෙම ගෙඩි තියා ඇටවත් හොයා ගන්න වෙන්නේ නෑ..! තව මම කොකෝවා ගස් දැක්කා.. (ගෙඩියක් අරන් ඇවිත් කෑවත්එක්ක!) අලිපේර ඒවා නම් මෙහෙත් තියනවාගේ ඉඳ හිට වතුවල.. තව එක ‍එක ගස් ජාති දැක්කා දැන් නම් මතක නෑ ඉතිං..

ඔය පරිසර සවාරියෙන් පස්සේ ගෙට ගොඩ වෙනකොට මෙසේ උඩ නියම කිරිබතක්! ආව් නිකිං මැණික් දැක්කා වගේ..!!! එයිනුත් තුන් හතරක්මත් කාලා.. ආයේ අපි හටංගල නෑ ගෙදරකට පිටත් උනා.. අතරමඟ පුරාණ රජමහා විහාරෙකටත් ගොඩ උනා.. ඒක වලගම්බා රජතුමාගේ කාලේ හදපු එකක්ලු.. ටිකාක් විතර දඹුල්ල පන්සල වගේ.. ඒ කිව්වේ කළුගල් ගුහාවක් ඇතුලේ තමයි පන්සල හදලා තියෙන්නේ.. හැබැයි ඉතිං නිදන් හොරුන්ගේ තර්ජන වලට නම් අප්‍රමාණව බඳුන් වෙලා.. දැක්කම හරිම දුක හිතෙනවා.. මොනා කරන්නද ඉතිං?
එයින් මෙයින් නෑ ගෙවල් වල ගිහින් ආයේ දවාලත් සප්පායම් වෙලා අපි රත්නපුර හරහා කොළඹ බලා පිටත් උනා.. අතර මඟ ඉතිං ආයෙමත් ගෙවල් දෙක තුනකටත් ගොඩ වැදිලා තේ ‍වලින් සප්පායම් වෙවී අපි රෑ එකොළහට විතර කොළඹට සැපත් උනා..!

එයින් පාර දිගේ 2-5 වෙනකම් ලියවෙච්චි අපේ දිග...සවාරිය අවසන් වෙනවා.. ඒ එක්කම පාරදිගේ සටහන් පේළියත් අවසන් වෙනවා. මොකද අපි ආයේ පාර‍ දිගේ දිග ගමනක් ගියේ ඉලං ගේ මළගෙදර වෙනුවෙන්.. ඒක මේ වගේ මතක් කර කර ලිය ලිය විඳින්න සුදුසු දෙයක් නෙවෙයි කියලයි මට හිතෙනේනේ.. ඒ නිසා ඒ ගැන ලියන එක අතහැරලා දාලා පාර ‍දිගේ මෙයින් අවසන් කරනවා..

සටහන් පෙළ අවසන් උනාට අපි තාමත් මහපාරෙම තමයි..!

Sunday, June 12, 2011

පාර දිගේ 4

අර අන්තිමට මං කිව්ව විනාඩි පහේ නින්දෙන් පස්සේ මම නැඟිටිද්දි හත් වළාමයි ඉරත් පායලා.. කට්ටිය මං නිදාගත්ත ටිකට කතාබහ අහවර කරලා නිදාගෙනත් නැඟිටලා.. මං විතරක් දොයි! හප්පා.. මං ඉතිං කවදාවත් බදුල්ලට උදේ වෙනවා දැකලා තිබ්බේ නැහැනේ.. වැඩි වෙනසක් නෑ මෙහේ වගේමයි.. හැබැයි ඉතිං ලා‍ සීතල ගතියකුයි මීදුමයි තිබිලා තියනවා.. ඒ බව දැනගත්තේ මං දොයි වෙලාවේ සංචාරේ ගිය අපේ ලොකු නෝනා කැප්චර් කරලා තිබ්බ ෆොටෝ වලින්.. නැත්තං ඉතිං කොළඹට උදේ වෙනවා වගේම තමයි..ඉතිං කට්ටිය ටක් ටක් ගාලා ලෑස්තිවෙලා බිල් එහෙම සෙට්ල් කරලා එළියට බැස්සා මොකද ලොකු දවසක් ඉස්සරහට තියෙනවානේ..!

කලින් දවසේ රෑ‍ කොත්තු වලින් ගෙවුන නිසා හැමෝටම ඕන උනේ උදේම කුසට යමක් දාගන්න.. ඒකට සෙට් වෙන තැන තීන්දු කරෙත් අපේ කූෂාන් යුවල.. අනේ ඉතිං මං ඔය කිව්වට මට කඩේ නම නම් මතක නෑ.. හැබැයි බදුල්ල ටවුන් එක මැද මයි තියෙන්නේ.. ගෑණු අය තමයි වේට්‍රස්ලා විදියට ඉන්නේ.. ඉඳිආප්ප, පිට්ටු, පාන්, කිරිබත්, ඇතුළු බොහෝමයක් කෑම වර්ග වලින් පිරුණු ලස්සනට හදලා තියන ‍පුංචි ‍පහේ හෝටලයක්. එතනින් ඉතිං කට්ටිය කැමති කැමති කෑම ජාති ‍එහෙම කාලා බීලා අපේ ගමන ආයේ පටාන් ගත්තා.. අපි තුන් දෙනෙක් කාර් එකෙත් අපිට මඟ පෙන්වන්නත් එක්ක කුෂා යුවල දඬුමොණර යා‍නාවෙනුත් පිටත් උනේ සුන්දර දුන්හිඳ ලලනාව හොයාගෙන...

ඇතුල් වෙනකොටම තියන ප්‍රධාන අලෙවි සැල් පහුකරගෙන ප්‍රවේශපත් අලෙවි සැලෙන් අවසරපතුත් අරගෙන අපි ඉතිං ගමන පිටත් උනා.. පිටත් උනා කිව්වට ඉතිං එක තැන වගේ තමයි ඇයි ඉතිං කැමරා පහක් අතේ තියාගෙන කොහොමද පස්දෙනෙක් ගමනක් ගියාම දකින දකින රිලවයි මකුළුදැලයි අරකයි මේකයි අරයවයි මෙයාවයි හැම එකාවම ෆොටෝ ගහන්නේ නිකං දැලිපිහිය අහුවුන රිලාපැටව් වගෙනේ.
(එහෙම නැතුවත් බෑ ඉතිං) ඒ උනාට ඉතිං තව එක්කෙනෙක් නම් කිව්වේ අපි ඉක්මනට ගිහිං එනකොට ඔය වැඩ කරමු කියලා.. ඒ උනාට එහෙම බැහැනේ.. එනකොට දැන් පහුක‍රගෙන යන ඒවා නොතිබුනොත්!!!! නේ?

ඔය විදියට ඉතිං විහිළුවෙන්.. තහළුවෙන්..හිනාවෙන්..ජොලියෙන්.. ආතල් එකෙන් දුන්හිඳ හොයාගෙන හොයාගෙන අපි ගියා...

මඟදි නොදැනිම වගේ ඇති වෙලා තිබුන මහන්සිය සම්පූර්ණයෙන්ම සුන්නත් දූලි කරලා දාන්න දුවිලි වලා වගේ විසිරිලා යන වතුර බිංදු වලට පුළුවන් උනා.. ඒ සුන්දර දසුන් දකින්න ලැබුන එක‍ම කොයි තරම් දෙයක් ද.. ඒ සෞන්දර්යයේ මිහිරියාව.. දුන්හිඳ කොමළියගේ ගායනා.. හැමදෙයක්ම එකතු වෙලා පුදුම විදියේ ලස්සනක් සැනසීමක් මවලා තිබුනා.. අහෝ! එත් අපි ගිහින් ටිකකින් එතනට පැමිණි 30කගේ පමණ පිරිසෙන් ඒ සියල්ල නැතිවෙලා ගියා! (මොනා කරන්නද ඉතිං හැමෝම එක වගේ නැහැනේ!!)

දුම් ඇඳිලි.. ෆොටෝ ගැහිලි. බෙලි මෙරිකිලි එහෙම අහවර උනාට පස්සේ අපි ආපහු යන්න තීරණය කලා..!!!! @$$(@*%$$$$!!!!!!! ඒක තමයි එදා මම අමාරුවෙන්ම ගත්ත තීරණය.. මොකද දුන්හිදෙන් සමුගන්න කොටම තියෙන්නේ උඩට නඟින්න තියන පඩි10ක් 15ක් විතර තියන ටිකක් තියුණු නැග්මක් එක්ක පඩිපෙලක්.! පළවෙනි
පඩියට කකුළ තියද්දිම මම දැනගත්තා මට යන්න බෑ කියලා.. (බැරි උනත් ඉතිං යන්න එපැයි.. වඩාගෙන යන්නවත් ඉතිං කෙනෙක් නැහැනේ.. හිටියත් ඉතිං මාව වඩාගන්න කිංකොන් වගේ එකෙක් වත් එපැයි අඩුම ගානේ.. එහෙම උනුත් නැහැනේ ඉතිං) වැඩිය කියන්න දෙයක් නෑ ඉතිං.. යන ගමනට වඩා සිය ගුණයක් අමාරු උනා ආපහු ‍එන ගමන.. කට්ටියත් එක්ක යන්න ගියොත් ඒක අනිත් අයගේ විනෝදෙත් නැති කරන වැඩක් වෙන නිසා අනිත් අයට යන්න කියලා අපි දෙන්නා හෙමින් හෙමින් ගියා.. පඩි නඟින්න තිබුන හැම වෙලාවකදිම මට අසනීප ගතිය දැනුනා හොඳටම (ඔහොම තමයි ඇඟ හොරු උනාම ඉතිං.. මං ඒක පිළිගන්නවා.. සෝ නෝ බයිටින් ප්ලීස්!) උදේ ෆා ගෙන් ගමන පිටත් වෙද්දිම ලැබුන අඹ කෑල්ලේ ඉදං හැම දේම ආපහු කටින්ම පිට කරලා යන්තං ශේප් උනා.. ඒ එක්කම මඟ තිබුන බංකුවක විනාඩි 5ක් විතර ලැජ්ජාව පැත්තක තියලා ෆුල් සැප නින්දක් ගත්තට පස්සේ නැති වූ ජවය නැවත එකතු උනා මං හිතන්නේ.. කොහොමින් කොහොම හරි අනිත් අයට වඩා පැය භාගයක් (පැයක් ද මංදා) විතර පස්සේ ආයෙමත් අපි ගමන ආරම්භ කරපු ප්‍රවේශ දොරටුවට පැමිණියා.. ! කොහේ ගියත් වෙන පරිදි ඉතිං ලාවට ස්වනියර් ශොපින් පාරක් එහෙම දාලා අපි දිවා ආහාර වෙනුවෙන් පිටත් උනා ඒ අපේම කෙනෙක්ගේ ගෙදරට.. අන්න එතනදි තමයි මගේ සිහිනයක් ඉටු උනේ..! මඤ්ඤොක්කා කොළ මැල්ලුම කන්න ලැබුනේ.! ෂාහ්... ඒක රසයි නේනන්ම්.. ඒවා ඇතුළු තව මොන මොනාද එක්ක බංඩි පිරෙන්න බයියං කාලා.. අපි බදුල්ලෙන් පිට වෙන පැත්තට ඔළුව හරවා ගත්තා.. කුෂාන්ටයි අපේ අයිස් කුට්ටියටයි සමුගැනීම සටහන් කරලා අපි ෆා කෙලීවත් ඇන්න බණ්ඩාරවෙල බලා පිටාත් උනා..

බණ්ඩාරවෙල සතිපොලෙන් වෙජිටබල් ශොපින් ටිකකුත් කරගෙන ඊළගට අපි නතර උනේ ෆාගේ සුන්දර ගෙදර.. යනකොටම ෆා‍ ගේ ජින්ජි දොර ළග ඉදලම අපිට හායි කිව්වා.. ඊව්නින් ටී එක ෆා නිවසින් අරන් අපි ෆා ටත් ටටා කියලා බණ්ඩාරවෙලෙනුත් සමුගත්තා..
ආයෙමත් ඉතිං ගමනේ යා... වෙලා එදා රැයේ අපේ නවාතැන උන බලංගොඩ නිවසට ළඟා උනා..! ගෙදර වත්තේ තිබ්බ පලතුරු ගස් ඒ තැන් වල ඒ විදියට පලදාව තියෙනවාද කියලා මහ රෑම බලලා පහුවෙනිදාට දෙන්නං බැටේ කියලා ගස් වලට කියලා පොඩි අක්කාගේ රෑ කෑම වේලෙන් සප්පායම් වෙලා ගමන් මහන්සියටත් එක්කම මං නම් කලින්ම නින්දට ගියා..!

Monday, June 6, 2011

පාර දිගේ 3


පේරාදෙණිය පහුකරලා අපි නුවරට ආවා.. නුවර ආවට මොකෝ මඟ නම් නතර උනේ නෑ.. මොකද ඒ වෙනකොටත් අපි හිතාගෙන හිටියට වඩා ගොඩක් වෙලාව පරක්කු වෙලානේ තිබුනේ.. අපි නුවරට සැපත් වෙනකොටත් වෙලාව හවස හතරත් පහුවෙලා වගේ.. ඒ වෙනකොටත් නතරවෙන තැනක් ගැනවත් හිතලා නොතිබුණ හින්දා අපි පහුවෙනිදාට දාගන්න හිතන් හිටි විසිට් එකකුත් තිබුන නිසා නවාතැන නුවර පහුකරලා බණ්‍ඩාරවෙල පැත්තට වෙන්න වගේ හොයාගන්න හිතාගෙනයි හිටියේ.. ඒ එක්කම ඉතිං නුවර නතර උනා කියලා නුවරත් ඉතිං අපි නොඟිය නොබලපු දිහාවක් නෙවෙයිනේ කියලා ඔන්න ඔහේ බදුලුම යමු කියලා එක සැරේ යෝජනා උනා... නුවර ඉඳන් බදුලු යනවා නම් යන කෙනෙකුට යන්න පාරවල් ‍කීපයක් තියනවාලු.. එයින් එකක් තමයි අපි නොගිය, නොගිය නිසා නොදන්න නුවරින් ආපස්සට පේරාදෙණිය පැත්තට ඇවිත් එන පාර (මං හිතන්නේ නුවරඑළිය පාර වෙන්න ඇති) අනික අපි ආව රංදෙණිගල පාර..ඒත් ඉතිං බදුල්ලේ හවස් වෙලා ගිහින් උන් හිටි තැනුත් නැතිවෙයිද දන්නේ නැති හන්දා ඒ ගමන නම් යන්න කලින්ම බදුලුපුරේ අපේ ඇත්තන්ගෙන් අවසර එහෙම අරන් වැඩිදුර තොරතුරු දැනගන්න එක හොඳයි කියලා හිතුවා. ඒහෙම හිතලා එක්කෙනෙකුට කොල් කරාම අනේ නෝ රිප්ලයි. කෝක කොහොම උනත් අනිත් ඇත්තට ගත්තම නම් අඩේ මලියා කියලා ඔන්න කොල්ලා ආන්සර් කලා... "මේ අපි අද බදුල්ලේ ආවොත් ඉන්න තැනක් සෙට් කර ගන්න පුළුවන්ද බං" කියලා ඇහුවම ශුවර් කොල්ලාව නම් අඩි විස්සක් විතර උඩ යන්න ඇති.. ඒකනේ ‍"හෝව් හෝව් දැන් ඉන්නේ කොහෙද ආදී නොයෙක් මාදිලියේ තොරතුරු ඇහුවේ" හැබැයි ඉතිං තොරතුරු මොනා ඇහුවත් කොල්ලා අපිට ෆුල් සපෝට් එක දුන්නා.. ඒ වගේම එක හෙලාම කිව්වේ අලි ඉන්න නිසා රංදෙණිගල පාරේ එනවා නම් අඳුර වැටෙන්න කලින් එන්න කියලයි. (මොනවා වැටෙන්නද ඒ වෙනකොටත් පහ පැනලා ‍මයේ හිතේ)

ඔය විදියට ඉතිං අපි එදා රෑ නුවර නවතින්නේ නෑ කියලා තීරණය උනා. අපේ නුවර ගමන වැව රවුමේ එකතැනක නතර වෙලා ජායාරූප කිහිපයක් හා දුරඇමතුම් කීපයක් ගැනීමට ‍සීමා උනා. ඒ ඇමතුමුත් බදුල්ලේ ඉන්න හෙන අයිස් පප්පෙක්ට අයිස් දියවෙනකම් බැනීමකට සීමා උනා (නැත්තං ඉතිං එදා‍ රෑ ඌ අපිව බලන්න එන්නේ නැහැනේ..! ග්ර්ර්ර්ර්ර්ර්!!!)

දැන් ඔන්න අපි රන්දෙණිගල පාර දිගේ බදුලු යන්නයි ලෑස්තිය.. අපේ රථාචාර්යතුමත් ඉතිං වැඩිය පාරවල් දන්නේ නෑ.. මං නම් දන්නේම නෑ.. එතකොට අර සුද්දි නම් අපි දෙන්නටම වඩා ‍වගේ දන්නවා.. ඒත් ඉතිං කොහොම හරි ඒ පාර දිගේ අපි ගමන පිටත් උනා.. ඒ වෙනකොට හවස් වෙමින් ‍ලාවට බඩගින්නකුත් දැනෙමින් තිබ්බ නිසා ඉක්මනට යනවා වගේම ආප්ප කඩයක් සොයාගැනීමත් අත්‍යාවශ්‍යය වෙලයි තිබුනේ. ඒත් ඒ පාර වැඩිය ජනාකීර්ණ පාරක් නෙවෙයි... වාහන උනත් විනාඩි දහයකට සැරයක් විතර එක්ක පාස් උනා.. ‍කඩවල් කීපයකම නතර උනත් ඒ වෙලාව වෙනකොට ආප්ප තියා පාන් වාටිවත් තිබුනේ නැති තරම්.. ඒත් රෑ වෙන්න කලින්.. අලි පාරට එන්න කලින් යා ගන්නත් එපැයි.. ඒ වගේම ටී ජන්ශන් එකක් හොයාගන්නත් ඕන වෙලා තිබුනා.. (එතනින් තමයි අපි මහියංගනේ යනවද බදුල්ලේ යනවාද කියන එක තීරණය වෙන්න තිබ්බේ) කොහොමින් කොහොම හරි ග‍මනෙන් අඩක් විතර යනකොට හොඳටම කළුවර ඇවිත් තිබුනා.. ඒ වගේම එක තැනකදි (අනේ මට ඒ කඩේ නමවත් ඒ පැත්තේ නමවත් මතක නෑ. ශික් ම‍ට කවදාවත් නම් මතක හිටින්නේ නැති හැටි) හැබැයි ඒ කඩේ නම් ලොකු තේ කඩයක්. ආප්ප වර්ග වගේම රසම රස එවෙලේ හදපු එළවළු රොටි කොත්තු එහෙම හැමදේම තියෙනවා.. ඒ ‍කඩේ ඉස්සරහා හොඳ එළවළු කඩයකුත් තියනවා.. (දන්න කෙනෙක් සිටී නම් නම පවසන සේක්වාහ්!) මට හි‍තුන හැටියට නම් ඒ පාරේ වැඩියම ධාවනය උනු වැලි ලොරි වල රි‍යදුරු මහත්වරු වෙන්න ඕනි ඒ කඩේ පාරිභෝගිකයෝ..! හැබැයි අපි යද්දි නම් කවුරුවත්ම හිටි නැති තරම්.

දැන් අර එළවළු රොටී දැක්ක ගමන් මට ආවා තඩි බඩගින්නක්! ඉතිං මායි අපේ රථාචාරීතුමයි එතනදිම රස පරීකෂාව සිදුකලා.. ඕක දැකපු අපේ අනිත් එකාටත් ඒක අනුභව කිරීමේ දැඩි ආශාවක් ඇති උනා (කන්න හිතනම කබරගොයත් තලගොයා වෙනවා වගේ තමයි. මේ මනුස්සයා කියනවා ඒකේ සැර නෑ වගේලු) ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර්ලට උපදෙස් දෙන්න අපි මොක්කුද කියලා හිතාගෙන කාපන් කියලා එකක් දුන්නා. වන් ශොට් වගේ තමයි මෙන්න එක කෑල්ලක් කටට ගත්ත ගමන් වලිගේ කැඩිච්ච හූනා වගේ උඩපනින්න ගත්තේ නැතැයි.. කඩේ මිනිස්සු නිකං හොල්මන් දැක්කා වගේ..! (මොකද උනේ කියලා ඉතිං මං කියන්නේ නෑ.!!!! ;-) ) අපි නම් ඉතිං පැණි ආප්ප.. එළවළු රොටි වතුර ‍ප්ලේන් ටී එහෙම අරගෙන ගමනට පිටත් උනා. කඩේ අයගේ උපදෙස උනේ අලින්ගෙන් ශේප් වෙලා යන්න නම් වැලි ලොරියක් පිටිපස්සෙන් යන එක හොඳයි කියලයි.. අපි එක්කම වැලි ලොරියකුත් පිටත් උන නිසා අපිත් ෆිට් එකේ ගමන පිටත් උනා.. හැබැයි ඒ ලොරිය පිටත් වෙනවා විතරමයි අපි දැක්කේ.. වාහනයක් තියා මැස්සෙක්වත් නැති ඒ පාරේ අර ලොරිය පියාඹලා....!

අපි ඉතිං නිවීහැනහිල්ලේ ගමන යනවා..! ඒ ගමනේ සතුට වැඩි කලේ මගේ යාළුවා ‍එයාගේ ෆොන් එකෙන් ‍ප්ලේ කරපු මියුසික් නිසා.. සෑහෙන්න කාලෙකට පස්සේ සංගීතය ඇගේ නහර දිගේ ගමන් කරනවා දැනුනා.. කසුන්.. ඉන්ද්‍රචාප..ඇතුළු මම දන්නා නොදන්නා ගොඩක් සංගීත කාරයෝ ඒ හිස් පාරපුරා කළු වාළාකුළු අතරේ මාවත් අරගෙන හිතේ හැටියට රොන්දේ ගැහුවා.. ඒ වෙලාවේ නම් මැරුණත් දැනෙන එකක් නැති වෙන තරමට සැහැල්ලු වෙලා පුදුම නිස්කාන්සුවක් අත්වින්දේ..! ඇත්තටම ඒ හැඟීම විස්තර කරන්න දුප්පත් මට වචන නෑ..! ඒක විඳීමක් මිස විස්තර කිරීමක් නෙවෙයි......!

ඔය විඳියට අපි වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභයභූමි එක්ක ඩෑම් එහෙමත් පහුකලා.. අතර මැද හමුදා ආරකෂක කඳවරු වල නතර කෙරුනත් අපි දැක්ක ගමන් ඒ අය ඉක්මනින්ම යන්න කිව්වා.. මොකද රෑජාමේ බවලත් උදවිය දෙන්නෙක් ඒ වනාන්තර මැද්දේ මොනා කරන්නද? එ‍හෙම යනකොට අපි සොයා සොයා ඇවිත් අපි සෙව්ව මැණික නෙවෙයි...!! සෙව්ව ටී ජන්ශන් එක හම්බ උනා.. එතනින් වම් පැත්තට හැරුනා විතරයි මෙන්න පොලිශ් අන්කල් කෙනෙක් මහ රෑ පී.ටී කරනවා! හයියෝහ්! අපි මොකක් ටර්න් එකක් වැරදියටලු අරන් තියෙන්නේ..! ඒත් ඉතිං අපේ මැඩම් 'ඇයි' ඇහුවා විතරයි 'හා.. යන්න' කිව්වා..! හොඳ පොලිස් අයියා..!!!

එයින් පස්සේ නම් ඉතිං අපි බදුල්ලට ආවා.. ටවුන් එකේදි අයිස් පප්පවත් වා‍හනේට දාගත්තා... එතනින් අපි ගියේ රෑට සප්පායම් වෙන්න දෙයක් ගන්න.. ඒකට තෝරගත්තේ ටවුන් එක මැද්දේ තියන Capital City food court එක. උදේ 10;30 ඉදන් රෑ 10.30 වෙනකම් එතන විවෘතයිලු.. චයිනීස් සිංගප්පූර්.. එක එක ජාති කෑම එක්ක රෑට කොත්තුත් ගන්න පුළුවන්.. ආ.. ප්ලේන් ටීත් තියනවා..! එතනදි තමයි අපිට බදුලු ගමනේ අපේ සම්බන්ධීකාරක තුමා වෙච්ච කුෂාන් මහතා හා කූෂාන් ගේ වෙන්න නෝනා ‍හෙවත් අපේ සාදාදර ෆා මෙනවිය මුණගැහුනේ. . කූෂාන් තුමා ව නම් කලින් දැකලා තිබුනා නේ.. නමුත් ෆා මෙනවිය නම් එදාමයි දැක්කේ.. නමුත් කාලෙක ඉදන් කියවලා තිබ්බ නිසා කතාබහ කරන්න අමුත්තක් උනේ නෑ.. අනික අපේ කෙටි දැනුම් දීමකින් අපිට හැමදේම සූදානම් කරලා අපිව බලන්න ආව එකම මදැයි අපිට! ඉතිං අපි එතනින් ඉඳිආප්ප කොත්තු එක්ක නිකං රොටි කොත්තු අරගෙන අපේ නවාතැනට ගියා.

හදිස්සියේ හොයාගත්තට ඒ වෙලාවේ හැටියට අපි හිතුවට වඩා සෑහෙන්න හොඳ තැනක් තමයි අපිට සෙට් කරලා තිබුනේ Hotel Sanasta කියලා තාමත් හදාගෙන යන නමුත් සේවා ආරම්භ කරලා තිබුන එම හෝටලයේ එදා රෑ හිටියේ අපි විතරමද මන්දා.. ඒ නිසාමද මන්දා ඒ මොහොතේම ටක් ටික් ගාලා අපිට ඉල්ලපු විදියට අපේ ලාවට සෙට් වීමට අවශ්‍ය කරන මේස පුටු පිඟන් කෝප්ප අපිට ඕන තැන් වලට සෙට් කරලා‍ දීලා ඒ හොටෙල් එකේ මල්ලිලා අපිට ලොකු සහයෝගයක් දුන්නා..!


එතනින් එහාට ඉතිං ලියන්න දෙයක් නෑ.. කොත්තු.. චීස්.. ඒවා මෙවා අස්සේ කතන්දර ගොඩක් එක්ක හවානා ක්ල්බ් බෝතලයක් එහේ මෙහේ ගියා.. අඩුපාඩුවට කෝක් එහෙමත් හිටියා.. රෑ දොළහට විතර සමහර අයට කොල් කරලා අපි ස්වෙච්චාවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටු එහෙමත් තිබ්බා..! (එහෙම නැතුව හොඳ නැහැනේ!) ඔය විදියට දොළහා උනා.. එක උනා.. එකෙක් වත් නැඟිටින පාටක් නෑ.. වෙලාවට මට වොශ්රූම් එක මතක් උනා.. මං ගිහින් එන්නම් කියලා ගියා.. ගියා ගියාම තමයි..!! මට මතක විනාඩි පහකින් ආයේ කට්ටියට සෙට් වෙනවා කියලා හිතාගෙන මං ලා නින්දකට යනවා විතරමයි! (ඉහික්! :D :D :D)

Thursday, June 2, 2011

පාර දිගේ 2

මාස එකහාමාරක් විතර සීනි පිටි නැති ප්ලේන් ටී කඩ මිරිස් ගම්මිරිස් නැති කෑම කඩ.. දූවිලි රස්නේ නැති තැන් ඒවා මේවා හොයලා ඉවර වෙලා දැන් ඉතිං ආයෙමත් බැක් ටු නෝමල් ලයිෆ් වෙලා ගෙදර ඉන්න එකේ බ්ලොග් එකෙත් දූවිලි පිහිදලා ගත්තා නම් හොඳයි කියලා හිතුනා. පාර දි‍ගේ 1 ලිව්වේ 2ක් ලියන්න හිතාගෙන උනාට 2 තියා 1.25 වත් ලියා ගන්න බැරි උනානේ.. හිනිදුම ගමන ගැන ටිකක් විතර ලිව්වට ඒක ලිව්වේ ගිය ගමන මතක තියාගන්න විතරමයි.. මොකද ආසාවට නිකං ගිහිං ආවා මිසක් ඔය ගිය කිසිම ගමනක් ගියේ ගවේෂණ කරන්න හි‍තාගෙන නෙවෙයි.. ඒ නිසා නිකමටවත් හිනිදුම බිහිවුනු කාළවකවානුවත් නම් ඔන්න මම දන්නේ නෑ.. ඒ නිසා වැඩි විස්තර ලියන්න කියලා කිව්ව අයට කියන්න වෙන්නේ සොරි කියලා තමයි.

පාරදිගේ අපි යන්න ගිය ඊළග ගමනට පිටත් වෙන්නයි මං දැන් හදන්නේ.. හැබැයි ඉතිං මීට මාසෙකට විතර කලින් ගිය ගමනක් නිසා අමතක උනු තැන් නම් ගම් නම් එපමණයි.. ඒත් ඉතිං මොකුත්ම නැතුවට වඩා මොනා හරි හොඳයි කියන නිසා මේක මේ විදියට ලියලා දානවා.. අපේ මෙවර අරමුණ උනේ කන්ද උඩරට රාජ්‍යයට පිවිසෙන්න.. නැතිනම් නුවර යන්න. හිතුවා ගියා වර්ගයේ ගමන් නිසා අපි ගමන පිටත් වෙද්දිම මං හිතේ උදේ 10ට විතර ඇති කොටින්ම 9 විතර වෙනකං මං ෂුවර් එකටම දැනගෙන හිටියේ නෑ අපි එදා යනවද නැද්ද කියලවත්.. ඒත් ඉතිං ඇඳුම් කෑලි දෙකතුනක් උරේක දාගෙන අපි ගමන පිටත් උනා..

මං ඉතිං කොහොමත් වැඩිය පාරවල් කාරිය මතක තියාගෙන යන එන මනුස්සයෙක් නොවන හින්දා ගමන් මඟ කියන්න නම් දන්නේ නෑ.. හැබැයි ඉතිං ගමනේ පැය 2ක් විතර ගෙවුනට පස්සේ අපේ රථාචාර්‍යයවරයා කිව්වේ වාහනේ හීට් වෙන නිසා පොඩි විවේකයක් ගත්තොත් හොඳයි කියලයි.. ඉතිං පාරේ අයිනේ ඉඩ තිබ්බ කඩයක් ඉස්සරහා නතර වෙලා වහනේට වතුර පොවනකම් මාත් එක්ක ගිය කෙනාට අඩු සීනී ප්ලේන්ටී එකයි මට ටිපි ටිප් එකයි අරන් ස්ට්‍රෙස් වෙන එක ලාවට හරි අඩුකරන්න මං හිතාගත්තා.. කොහොම හරි එතන පැය භාගයක් පමණ කූල් බ්‍රේක් එක ගත්තු අපි ආයේ හාහාපුරා කියලා ගමන පටාන් ගත්තා.. ඔය විදියට කජුගමත් පහුකරගත්තාය කියමුකෝ..! හ‍පොයි! මෙන්න ආයෙත් අපේ යානාවට උණ ගන්න පටන් අරන්.. දැන් මක්කැයි කොරන්නේ.. කාර් කොන්ත්‍රාත් සමාගමට දුර ඇමතුමක් දීලා වහාම යානාවක් රි‍ප්ලෙස් කරපාන් කියලා ඉල්ලීමක් කරලා අපි පාර අයිනේ තිබුන කෙත් යායක් එක්කම තිබ්බ බත් කඩයක් ළඟ වාඩිලා ගත්තා...

කොළොම්තොටින් රථයක් එන තුරු දැන් ඉතිං වෙන කුමක් කරන්නද...කියලා අපි තුන්දෙනා දවල් බත එතන තිබ්බ කඩෙන්ම සප්පායන් වෙන්න හිතා ගත්තා.. සුදු බතට ‍කොළ පරිප්පු ආදී ‍එකී මෙකී දේවල් සමඟ කෙස්ගසුත් මික්ස් වෙලා කෑම මෙසෙට ආවා.. අනේ ඉතිං අතට ගත් බත් ‍පතේ කෙස් දැක දිවා ඇහර සමහරු නොගත්තත් අපි නොකා ඉඳීයි..!! හුහ්! කොහොම හරි කෑවා කියමුකෝ.. කාලා ඉතිං අනිමිසලෝචනය.. මෛත්‍රීය භාවනාව ආදී සියළු ‍දේ කරමින් එතැන ටැග් ගැහීගෙන මීළඟ වාහනේ එනකම් ඉතිං හිටපන්කෝ කිව්වම අපිත් ඉතිං හිටියා.. ඒ හිටි වෙලාවේ අපි ඇවිද්දා නම් පයින්ම නුවරට ළගාවෙන්නත් තිබ්බා හැබැයි.. ඒ වගේ වෙලාවක් ඉවසලා ඉවසලා ඉවසලා අන්තිමේදී අපි හිතුවටත් වඩා හොඳ යානාවක් සැපැත් උන නිසා ආයෙම නුවරම යන්න අපි හිතාගත්තා.. (හොඳ වෙලාවට හොඳ එකක්ම ආවේ නැත්තං ඉතිං එදා හවස කාර් කඩේ කුඩු තමයි!)


ඉතිං අළුත් වාහනෙන් කූල් එකේ අපි නුවර යන්න ආයේ පිටත් උනා.. පිටත් වෙන වෙලාව ළං වෙනකොට හවස තේ බොන වෙලාවත් ළං වෙලා වගේ.. ඉතිං ආයෙමත් තේ එකක් බොන්න හොඳ ලස්සන තැනක් සෙට් වෙනකං අපි ආවා.. එතනදි ගේක හැඩේට තිබ්බ පොඩි රෙස්ටෝරන්ට් එකක් වගේ තැනකට ගියාට මොකෝ එතන ප්ලේන් ටී නැහැ කියපි!! හයි‍යෝහ්! ආපු වේගෙන්ම යන්න හදද්දි මෙන්න කියනවා ප්ලේන් ටී නම් නෑ ඒත් ස්පයිස්ස් ටී නම් තියනවා කියලා.. (බැලිනම් අපි රෙස්ටෝරන්ට් කියලා ගිහින් තියෙන්නේ ස්පයිස් ගාර්ඩන් එකකට නේ..! මාත් එකක් මේ ගමන ගියේ හැමදේම ශෝයි උනාට හරියට ගහක් ගලක් නැති හෙන ජරා රටක ඩයල් එකක්නේ..) ඒක ඇහුවා විතරයි මෙන්න‍ මේකා ගහක් දැක්ක රිලවා වගේ පැනේනේ නැතැයි එළියට..

ටිකකින් අපි ස්පයිස් ගාර්ඩන් එකේ ඇවිදිනවා.. ඒකේ අන්කල් කෙනෙක් අපිට ගස් ගැන කියාදෙනවා.. අපේ වැට මායිමෙත් තියන පුවක් පැලත් මේ මිනිහා මට කියා දෙද්දි ලාවට හිනා ආවට මාත් එක්ක ගිය එකාගේ තත්වෙට හොඳ නැති හින්දා මාත් හෙන ෆොරීන් කෙල්ල වගේ හිටියා (හිකෑස්!) පැය භාගයක් විතර වත්ත වටේ ඇවිදලා දැකලා (ඇ/නැ)ති ගස් එහෙම බලාගෙන ඉවර උනාට ලස්සන හිනාවක් එක්ක මාමා කෙනෙක් ස්පයිස්ස් ටී කෝප්ප තුනකුත් අරගෙන ආවා..! අපරාදේ කියන්න බෑ ඒක නම් නියමම රස තේකක්! මගේ ජිවිතේ මම බිව්ව රසම තේ වලින් එකක්! එතෙක් වෙලා ද‍වසේ කාපු කටු සේරම අමතක කරන්න ඒ තේක සමත් උනා කිව්වොත් හරි...! ඉතිං තේ බීලා ඉවර‍ වෙලා එයාලගේ පහළ තිබ්බ ස්ටෝල් එකටත් අපි ආවා.. හප්පා..! අපි උඩදි බිව්ව තේ වර්ගයේ 100g පැකට් එකක් රු.2200ක් :0 !!! (නයි කයිද රෝස් පාන් කිව්වලු!) ඒ උනාට ඉතිං අර මාත් එක්ක ගිය කෙනාට අනූව නම් ඒවා අපි බොන්න ඕන අගය කරන්න ඕන අරවා කරන්න ඕන මේවා කරන්න ඕන ව‍ර්ගයේ ප්‍රඩක්ට් එකක් නිසා එයා නම් එකක් ගත්තා අපිට මොන ගුණ අගුණද ඕන දෙයක් පත්‍යයන් නිසා මං නොදැක්කා ‍වගේ හිටියා.. හැබැයි ඉතිං අපිට අර බොන්න දුන්නු ස්පයිසස් ටී එක නම් ෆ්‍රී ලු.. ඒකත් මදැයි.. ඔයාලත් නුවර පාරේ යනවා නම් ගොඩ වෙලා යන්න එකේ නම තමයි Lucky Land Spice Garden - තියෙන්නේ හිඟුල දොම්පිටියේ.. අඩුම ගානේ ෆ්‍රී ස්පයිසස් ටී එක වත් ලැබෙයිනේ.. ;-)

එතනින් පස්සේ අපි සුන්දර පේරාදෙණිය එහෙම පහුකරන් නුවරට සැපත් උනා..



!මතු සම්බන්ධය!

Monday, May 23, 2011

While Living | ජිවත් වෙ‍නකොට....!


ගෙවා මහ දුර
අතර මඟ හමුවී
වෙන් වෙවී..
යළි යළිත්
ළං වෙවී..

ඈත තරු පොකුරු
චක්‍රාවාට මැද
රස්තියාදු වී
ආයෙමත්
දූවිලි පිරුණු
දාඩිය දාන
ලස්සන කොළඹ
අවලස්සන මිනිස්සු මැද
හමු වෙවී..

පොත් අස්සේ
චිත්‍රපටි ‍මැද්දේ
හෝල්වල
වේදිකා මැද
අපිට නැති
අපේ නොවන
අපිට දැනෙන
විඳීම් හොය හොය
සංගීත තනු අස්සෙන්
ආයෙමත්
හමු වෙවී..

අරක්කු කොක්ටේල්
බයිට් සිගරට්
කෑම බීම
සබ්මැරීන් ලයිම් ජූස්
රෙසිපි අස්සේ
සුවඳ ගහන
අළුත් රස හොය හොය
රස්තියාදු වෙන
ආයෙමත් ටිකකින්
අඩු සීනී ප්ලේන් ටී එකෙන්
තොල් දෙක පුච්චගෙන
ස්ට්‍රෙස් රිමූව් කිය කිය
ආතල් එකේ
දුමක් දාගෙන
හමු වෙවී..

අත් අල්ලන්
අහක බලාගෙන
රවාගෙන ඔරෝගෙන
බදාගෙන ඉඹගෙන
ජිවිතේ උගන්නන
ඉගෙනගන්න
කතාකරන
වාද කරන
රණ්ඩු වෙන
ඈත් නොවී ඈත් වෙලා
ආයෙමත් ළං වෙලා

ජිවත් වෙනකොට
හමු උනු
මචං උඹට "සුභ උපන් දිනයක්! "
23-05-2011

Monday, May 9, 2011

පාර දිගේ 1

පහුගිය ටිකේ ඒකාකාරී වෙලා කම්මැලි වෙලා එකතැනම පල් වෙන්න පටන් අරන් එපා වෙලා ති‍බුන ජිවිතේ දැන් මේ ටිකේ නම්... හම්මෝ හරියට නිදාගන්න බැරි තරමට බිසී වෙලා. බිසී කිව්වට ඉතිං වැඩ හින්දම බිසී නෙවෙයි. මේ නිවාඩුවකට මෙහේ ආව ගෙම්බෙක් හින්දා අහිංසක මං හෙන බිසී වෙලා.. ඇයි ඉතිං කට්ටිය වැකේෂන් ආවට අපේ රස්සාවල් වලදි වැකේෂන් තියා වීක් එන්ඩ් එකක් වත් අපිට නැහැනේ.. ඒ උනාට ඉතිං අපි නැති උනාට ඔෆිස් වහන්නේ නැති නිසා රාජකාරියයි දේවකාරියයි අනිත් කාරීයි සේරම පුළු පුළුවන් හැටියෙන් හැන්ඩල් කරගන්න තමයි ට්‍රයි කරන්නේ.

හි හී... බ්ලොග් වල බයිලා ගහනවා කියලා දැන් ඉතිං මට බැනුම් අහන්න වෙයි. ඒ නිසා වැල් බයිලා නතර කරලා ටොපික් එක බේස් කරගෙන ලියන්නයි දැන් මම හදන්නේ...! හොදට හුස්මක් උඩට පහළට ගත්තා.. එක.. දෙක තුන...
..........
....

මීට අවුරුදු දෙක තුනකට වගේ ඉස්සෙල්ලා අයි ෆෝන් මාර්කට් එකට ආව අළුතම වගේ අතේ සතේ නැති උනත් අයි ෆෝන් එකක් ගන්න මටත් පොඩි හීනයක් තිබුනා.. ඉතිං හැබැහින් බැරි නම් හීනෙන්වත් නොලැබුනත් කිසි කමක් නැති උනත් ආතල් එකට වගේ ස්ටේටස් මැසේජ් එකක "අනේ මටත් අයි ෆෝන් එකක්" කියලා මම දාලා තිබුන කාලෙක එක සැරේම කවුදෝ පොප් අප් වෙලා හේයි ඔයා අයි ෆෝන් එකකට කැමති ද කියලා කතාව පටන් ගත්තා.. අපරාදේ මගේ පුරුවේ (අ)කුසල කර්මයකට වගේ මාත් ඉතිං මොනාදෝ කිව්වා.. ඒයින් පස්සේ ටික ටික කතාව ඇදි ඇදී ගියා.. තාම ඇදෙනවා... කන් පිරෙනකම් අහලා අහලා ඇති වෙලා එපා වෙලා වමනෙත් ගිහින් එතනින් එහාටත් තව ටිකක් අපේ කතාව ඇදෙන.. ඒ කතාවේ කෙලවරේ හිටි ගෙම්බි මේ ටිකේ ලංකාවට ඇවිත් හින්දයි ආයෙමත් මේ හැටි බිසී වෙලා විකාර වෙලා ඉන්නේ. අපේ ගොඩක් යාළුවන්ට මේ වෙනකොට ගොඩක් කාර්ය බහුල හින්දා මං වගේ ඉබ්බෙක් තමයි ඒ ගෙම්බිට තනියට නොතනියට ඉන්නේ. ඉතිං අපි අඹ කවි විචාර දේශණ නාට්‍ය ප්‍රසංග අරවා මේවා අස්සේ එහේ මෙහේ පොඩි පොඩි සංචාර ටිකකුත් කරගෙන දෙයියනේ කියලා ඉන්නවා ඉතිං......
.......

අපි පාර දිගේ ගිය ගමන් කතාවේ මුල්ම පිටුව වෙන් වෙන්නේ හිනිදුමට‍

මම මීට කලින් හිනිදුම ගැන අහලා තිබුනේ නෑ. අහලා තිබුනත් මතක තිබුනේ නෑ.. කොහොමත් ඉතිං වෙලාවකට මට මම ඉන්න තැනත් අමතක වෙන එකේ ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. අපේ ගමනට හිටියේ රථාචාර්ය වරයා සමඟම සියළු පිරිස හතර දෙනයි. ඉතිං මතක ඇති විදියට අපි ගමන පිටත් උනේ උදේ හතට පමණ. හිනිදුම කල්වාරි කඳු මුදුනත් පල්ලියත් වන්දනාව හා නැරඹීම තමයි අපේ අරමුණ උනේ. ගාළු පාර දිගේ අපේ ගමනේ මුල්ම නැවතුම උනේ බොහෝම කාලෙකට කලින් ඉදන් මාත් මගේ මිතුරියත් දැන හඳුනාගැනීමට පෙර සිට පොදුවේ කැමත්තෙන් සිටි සැෆ්රන් හට්! ගාළුපාරේ කොළඹ සිට ගමන් ගන්නා අයෙකුට පානදුර නගරය පසු කොට ගමන් ගන්නා විටයි තල්පිටිය ප්‍රදේශයේදියි දකුණු පසින් පිහිටි මෙම ආහාර අලෙවි සැල මුන ගැසෙන්නේ. බුෆේ ක්‍රමයට ආහාර ලබාගත හැකි මෙහි උදේ දිවා රාත්‍රී ඕනෑම අවස්ථාවක ආහාර ලබාගන්න පුළුවන්. එහිදි උදෑසන ආහාර ගත් අපි නැවත ගමන් ඇරඹුවේ හිනිදුම දක්වායි.. කළුතර බෝධියට පඬුරු පුදා අප ගාල්ල බලා පිටත් උනා..

අන්න එතනදි තමයි වැඩේ.!

හයියෝ ගාල්ල නගරයේ මෙරීන් වෝක් එක මුල සිට අග වෙන තුරු ප්ලේන් ටී සෙවූ අපට එම අදහස අතැර තැඹිලි ගෙඩියකින් තෘප්තිමත් වීමට සිදු උනා. හයියෝ ප්ලේන් ටී නැති ගාල්ල!!!

ගාල්ලේ ඉදන් අපි මඟ අසාගෙන දුර ගෙවාගෙන හති දමාගෙන හිනිඳුමට ලං උනා..

.........

ඒ යන මාර්ගයේ ඇති තේ රබර් පාම් වතු එහි ස්වභාවික සශ්‍රීකත්වය අපූරුවට නිහඬව පෙන්වා දුන්නා. අපි පල්ලියට යන දිනට පෙරදිනයි එහි මහා පුජා සතිය අවසන්ව තිබුනේ. ඉතිං තැන තැන ඉදිව තිබු කඩ ලෑලි ගැලවෙමින් පවතිද්දි අපි දිවා ආහාරයටත් ගමන් වෙහෙස නිවා ගැන්මටත් එහි තිබු එකම ස්ථානය වූ හිනිඳුම තානායමට ඇතුළු උනා. තානායමකටත් වඩා නිවසක සිරිගත් එහිදි අපි මොහොතක් ගමන් වෙහෙස නිවා ගත්තා. (සමහරු පලා පිඟන් දෙක දෙක කාපු එක වෙනම කතාවක් )

එයින් පසු අපේ ගමන් මගෙහි මුළික අරමුණ වු කල්වාරි පල්ලියට යෑමට අප පිටත් වූවා.. එහි කල්වාරි කඳුමුදුනටම ගමන් කල හැකිමුත් කාල වේලාව හා ගමන් වෙහෙස වැනි කාරණා සලකා බලා අප පල්ලියේ වටපිටාවේ ගතකිරීමෙන් සෑහීමකට පත් උනා. ඒ අසළින්ම ගලා ගිය දිය දහරත් දුෂණය අවම වූ ස්භාවිකත්වයත් නෙතු සීමාවේ පැවති කඳුමුඳුනුත් එක්ව සෑදූ චමත්කාරය හිත තුල දරාගෙන අපි නැවත කොළඹ බලා පැමිණියා..

එයින් අරැඹි අපේ සංචාරයේ තවත් දවසක් මට ෆ්‍රී උනු වෙලාවක!

Saturday, April 16, 2011

සත් වෙනි දිනයේදී

හම්අම්මේ..!! දැන් ඉතිං අවුරුද්දත් අදින් ඉවරයි.. හෙට ඉදන් ආයෙමත් සුපුරුදු මහමඟ ගෙවෙන රාජකාරී ජිවිතේට යන්න කලින් අළුත් අවුරුද්දට බ්ලොග් එකත් එක්ක වැඩ ඇල්ලුවොත් හොඳයි කියලා හිතුනා. ඒත් ඉතිං අතිශය සාමාන්‍යකරණය වෙච්ච ජීවිතයක් ඇතුලේ හැම වෙලේම ලියන්න තරම් වන මාතෘකා හොයා ගන්න එක ඇත්තටම ටිකක් අමාරු වෙලා දැන්.. ඒත් ඉතිං පුරුද්දට වගේ මොනා හරි නොලියා හිටියොත් එකත් හිතට එකතරා විදියක බරක්. ඉතිං නිකං ඉන්න එකේ පහුගිය ටිකේ කියෙව්ව පොතක් ගැන ලිව්වොත් හොඳයි කියලා හිතුනා.. එකක් කිව්වට මේ ලිපිය ඉවර වෙද්දි 3 in 1 වෙලා තියේවි බොහෝ විට.

පාවුලෝ කොයියෝ

සාහිත්‍යකරණයට පළමුව අධ්‍යකෂක වරයෙක් රංගන ශිල්පියෙකු හා ගීත රචකයෙකු ලෙස කටයුතු කල කොයියෝ 1947 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ හීදි උපත ලද්දෙක්. ඔහුගේ මුල්ම කෘතීන් ලෙස සැලකෙන්නේ The Alchemist හා The Pilgrimage යන කෘතීනුයි. මෙයින් The Alchemist විචාරයකයන් විසින් සැලකනු ලබන්නේ "පාඨකයාගේ පර්යායලෝකය සදහට වෙනස් කළ හැකි ‍කෘතියක්" ලෙසටයි. එලෙසම මෙය බ්‍රසීලයේ පමණක් නොව ලොව වටාම ඉහලම අලෙවියක් ඇති ‍කෘතියක් බවටද එම කෘතිය පත් වූවා.

මීට අමතරව ඔහුගේ By the River Piedra I Sat Down and Wept (1994), Veronika Decides to Die (1998), හා The Devil and Miss Prym (2000) ඔහුගේ ඉමහත් ජනාදාරයට පත් ‍කෘතීන් අතර කිහිපයක්. මෙම නිර්මාණ තුනටම පොදුවූ එක් කාරණයක් නිසා පසු කලෙක දී එනම් 2004 වසරෙදී කොයියෝ විසින්ම And on the Seventh Day යනුවෙන් ‍ඉහත වෙළුම් තුනම එක් කෘතියක් ලෙස එළිදැක්වූවා. එහි නමෙහිම සඳහන් වන අකාරයට මෙම නිර්මාණ තුනම දිවෙන්නේ සත් දිනක් තුලයි. නමුත් මෙහි කතා තේමාවන් තුන වෙන් වෙන්ම ගමන් කරන නිසා එම සෑම ‍නිර්මාණයක් විසින්ම වෙනස් ආකාරයේ හැඟීම් හා විඳීම් පාඨකයා තුල ඇතිකරනු ලබනවා.

සමස්තයක් ලෙස ඉහත නිර්මාණ ත්‍රිත්වයේ මහා‍ පොදු සාධකය මෙසේ දැක්විය හැකියි. "අභියෝගය බලා නොසිටියි. ජීවිතය ආපසු හැරී නොබලයි.එහෙයින් අපේ ඉරණම පිළිගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට අපට සතියක කාලය හොඳටම සෑහෙයි"

මේ වන විට ඉහත තුන් වෙළුමම සිංහල පාඨයක් වෙත රසවිදීමේ අවස්ථාව උදාවී තිබෙනවා. ‍පහත දැක්වෙන්නේ ඒ පිළිබඳවයි.


පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි.

පිලාර් නම් තරුණිය විසින් තම කු‍ඩා‍ කල මිතුරෙකුව සිටි නමක් සඳහන් නොවන තරුණයෙකු හා පුරා සතියක කාලයක් කඳුවැටි ගංඟා පසුකෙරෙමින් කෙරෙන සංචාරයක් තුලදී ඔවුන් තුල හටගන්නා ආලයක් වරෙක් ඔවුන් එක් කරමින් නැවත වෙන් කෙරෙමින්, ඔවුන් ‍එකිනෙකා වටහා ගන්නා ආකාරයත් ආගමික භක්තිය හා භෞතික ජිවිතයේ ‍ගතවෙන අවස්ථාත් හරහා ‍එකිනෙක ගැටෙමින් ආදරය පිළිගැනීම හෝ නොගැනීම අතර දෝලනය වෙන කෘතියකි පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි. මෙහි පිලා‍ර් ගේ සිහින බලාපොරොත්තු සොයායෑමේ අසිරිය අලංකාරව ඉදිරිපත්ව ඇත. විදර්ශන ප්‍රකාශනයක් වන මෙය පියල් ජයරත්න හා අනුෂයා කොල්ලුරේ ගේ සම පරිවර්තනයක් ලෙස 2009 දී දෙවන වරටත් මුද්‍රණය වූවා. 2007 පළමු මුද්‍රණ අයිතිය සංචිත ප්‍රකාශණයකි.


වෙරොණිකා මැරෙන්න තීරණය කරයි.

2000 වසරේදී ගාමිණි වියන්ගොඩ විසින් පරිවර්තනය කරන ලදුව විජේසූරිය ප්‍රකාශණයක් ලෙස ‍අප අතරට පත් මෙම කෘතිය සිය දිවිනසාගැනීමට තැත් කරන ලද තරුණියක් මානසික රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලකදී නැවත පියවි සිහිය ලැබීම හා සම්බන්ධ සිදුවීම් පෙලකින් යුක්තයි. රෝහලේ ගත කරන දිනයන් පුරා කරන ලද ‍ප්‍රතිකාර ‍ඔස්සේ ඇය අත්විඳින, ලබන හැඟීම්, ඇගේ ජිවිතයේ ප්‍රතික්‍රියා සහ නැවත මරණය ලැබෙන තුරු ඇය ජිවත් වීමට යන ජිවිතය ගැන කැටි කොට ඉදිරිපත් කරනු ලැබ ඇති වෙරොනිකා මැරෙන්න තීරණය කරයි කෘතිය කාටත් ජිවිතය දෙස අළුත් ඉමකින් බැලීමට ආයාචනා කරනු ලබන්නේ අති සාර්ථක අයුරිනි.

යක්ෂයා හා ප්‍රයිම් මෙනවිය.

යහපත හා අයහපත, යක්ෂයා හා සුරදූතයන් අතර ඇති වන පරම්පරා ගත සටනේ තවත් යුධ බිමක් යක්ෂයා හා ප්‍රයිම් මෙනවිය පිටු පුරා නිර්මාණය වෙනවා. ධනය හා‍ අපරාධය හමුවේ මිනිස් සිතේ ඇතිවන සිතිවිලිත් එයින් දෙවියන් හා මිනිසා අතර ඇතිකරන දුරස්ථ භාවයත් විශ්වාසය හා ඇඳහීම පරිසරය හා පුද්ගලයාට අනූව වෙනස් වන අතර පොදු මිනිස් සිතෙහි ඉහත සියල්ල සමාකරයෙන් පවතින බවත් තම සිත පාළනය කරගැනීම හමුවේ මිනිසාට කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් විය හැකි අතර ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක තමන්ගේ පැවැත්ම වෙනස් කරගත හැකි බවත් මෙම කෘතියේ පාදම ලෙස පවතිනවා.

විස්කෝස් නම් ගම්මානයකට හදිසියේ පැමිණෙන අමුත්තෙකු හා ඔහු සමඟ පැමිණි යකෂයාට ප්‍රයිම් මෙනවිය.. මහළු බර්තා.. නගරාධිපති.. නගරාධිපති බිරිඳ.. හෝටල් අයිති කාරිය.. ඉඩම් හිමියා ඇතුළු ගම්මානය මුහුණ දෙන අයුරු හා මොහොතින් මොහොත පුද්ගල මනස වෙනස් විය හැකි ආකාරය අපූරුවට මෙහි චිත්‍රණය වෙනවා. චූලානන්ද සමරනායක විසින් පරිවර්තනය කර ඇති මෙම කෘතිය 2010 වසරේදී විදර්ශන ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඉතිං කියවන්න.. ජිවිතය විඳගන්න.. ඔබ ගතකරන එකාකාර ජීවිතයේ දී වචන හරහා සිහින සිතුවිලි වලට පණ දෙන්න.. යන්න පොත් අතර පිටු අතරේ පියඹන්න. සිහිනයට පියඹන්න ඉඩදෙන්න. හැබැහින් අත්නොවිඳි සියදහස් මොහොතවල් වලට පණ දී ඔබ තවම ජීවත් වන බව නිය‍තුඩින් හෙමි හෙමින් කොනිත්තා දැනගන්න...... ෴