Friday, March 26, 2010

Dis Shit right here Nigger


I was on the flight during the last few days.

While on my flight, I had the chance to catch Katt Williams (again) on his last performance "Live from Chicago - The American Hustle"


And with all due respect for the great comedian, let me quote one incredibly memorable sequence from his stand up. ... and.. yes.. all you guys can nod your head and agree with me while all you ladies can nod in disgust and think what kind of a chauvinist pigs the men are.

I firmly believe it’s just crazy hard to be a man. I mean the shit is complicated isn’t it? And women think then have all the problems!


To start with, I guess men are easy to loose focus on things! . Men as creatures of nature only want to do five things.


Eat

Sleep

Work

Fuck

& Play !


But do mind it’s not necessarily in that right order. As men, we can go on fucking for 5 days without eating or sleeping!..... “it’s alright baby, I ate something day before yesterday, now turn over”

Sunday, March 21, 2010

සතුටයි සතුටයි මේ බෝ වෙන්නේ...!!!

ඇත්තෙන්ම මේ ලිපිය නම් කොතනින් කොහොම පටන් ගන්න ද කියලා හිතා ගන්න බෑ වගේ.. මාතෘකාව සේරම කියනවා..! ඒ කිව්වේ මම කෝක් බොනවා කියලා නම් නෙවෙයි... මම සතුටින් කියලයි..!

හරියටම කියනවා නම් දැන් මම ඉන්නේ හෙට මැරුනත් කමක් නෑ කියන තරම් සතුටින්.. හැබැයි ඉතිං මට මැරෙන්නම ඕනි නෑ.. මොකද මේ සතුට තව ගොඩක් කල් විඳින්න තියනවා නම් මම කැමති නිසා..!

ඇයි සතුටු කියලා හැමෝටම හිතා ගන්න පුළුවන් ඇතිනේ? මේ අදින් ගෙවලා යන සතිය ඇරඹුනේම ‍මට සතුටු හිතෙන දේකින් නේ.. ඒ කියන්නේ මගේ අළුත් රස්සාව පටන් ගත්තා. ඒක කොයි තරම් සතුටක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.. ‍රස්සාවක් කරලා නවත්තපු කෙනෙ‍ක් විතරයි ඒක දැන ගන්නේ..ඒ ගැන විස්තර පස්සේ කියන්නම්කෝ.

ඉතිං සඳුදා වැඩ පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ම අපේ බුරු බබී ගෙන් කෝල් එකක් ආවා :නංගි මං දැන් ලංකාවට එන්න පිටත් වෙන්නයි හදන්නේ කියලා.: එතන තමයි සතුටේ දෙවන ආරම්භය..

බඳාදා මගේ යාළුවෙක්ගෙන් ගොඩ දවසකට පස්සේ මැසේජ් එකක් ආවා :මචං මම බැන්දා: කියලා.. ඒක අමුතුම සතුටක්! උන්නද මළාද කියලා හොයා ගන්න බැරිව හිටි එකෙක් එහෙම කියද්දි ජොලි නැද්ද අප්පා..!

බ්‍රහස්පතින්දා රෑ අපේ ‍එක්කෙනා කොළඹ ආවා.. ඒ කියන්නේ ඉතිං සිකුරාදා අනිවා මුණගැහෙනවා කියන එකනේ.. ඒක ඉතිං සතුටේ උපරිම යන පොයින්ට් එකක්...!

සිකුරාදා හවස ජිවිතේ ප්‍රථම වතාවට මම අවුරුදු දෙකකට ආසන්න කාලයක් මගේ යාළුවෙක් වෙලා හිටි බුරු බබීව හැබැහින් දැක්කා.. එයා එක්ක ගෙදර ආවා.. මාස ගාණක් පෙරුම් ‍පුරපු වයින් බොතලේ හම්බ උනා.. ඒ විතරද චොකෝත් එක්ක.. බීච් ගියා.. මායි බුරු ඇන්ඩි මයි හබී විතරක් උනාට ඒ ගමනත් මරු..!

සෙනසුරාදා හවස මාස ගාණක් ‍යන්න පෙරුම් පුරාගෙන හිටි ‍බර්ගර් කින් එකට අපේ එක්කෙනා මාව එක්ක ගියා.. වාව්..! එතන අපිට හදුන්වා දුන් කමුබොමු කට්ටියට පිං.! හවස් වරුවේ ගිහින් ‍එන්න මරු තැන..! ගාණත් ශේප්.. කෑමත් රසයි..! පේමන්ට් එකේ ඉඳගෙන කද්දිත් අමුතුම ගතියක් තියනවා ඒකේ.. හැබැයි ඉතිං මං වගේ ළාමක අය ගියාම කඩේ ටිෂු ටික තමයි මුලින්ම ඉවර කරන්නේ.. :) එතනින් පස්සේ ගියා දඩින් බිඩින් දොඩන් කඩේට.. ඒ තැනත් දැන ගත්තේ කමු බොමු එකෙන්ම තමයි.. හැබැයි ඉතිං නෙට් ‍එකේ අයගේ ඇප්රූවල් එක නිසා ගියා මිසක් මං නම් ජිවිතේට එතනින් බීම එකක් බොයි කියලා මං හිතන්නේ නෑ.. හැබැයි ලැබුනු බීම එකයි.. ගාණයි.. එතන අයගේ හොඳකමයි එක්ක බලද්දි අපරාදේ අපි වෙන තැන් වලට ලොකු ගණන් වියදම් කරන්නේ කියලා හිතෙනවා.. ඉතිං එදා දවස කෑමයි.. කාලෙකට පස්සේ දුර ඇවිදගෙන යන්න ලැබුනු එකයි නිසා හරිම සතුටක් ලැබුනේ.. ඒ සතුට වැඩි උනා.. රෑ නොහිතපු කෙනෙක් ගෙන් මැසේජ් එකක් ආවම :මං හෙට එනවා : කියලා..!

ඉරිදා ඒ කියන්නේ අද.. වෙන දවසක නම් අද වගේ දවසක් කියන්නේ ම‍ට මේ ටිකේ තියන නිදිමත හා මහන්සිය නිසා මුළු දවසම නිදා ගන්න දවසක්.. හැබැයි අද මම උදේ 6.30 ඉදලා නැගිටලා.. කොයි තරම් ට්‍රයි කලත් නිදා ගන්න බැරි උනා.. මොකද මන්දා.. කොහොම හරි 9.40 වෙද්දි නුගේගොඩට ගිහින් 10 වෙද්දි බස් එකේ නැඟලා බුරූ බබීගේ ගෙදරට යා ගන්න පුළුවන් උනා.. අන්න ‍එතනදි තමයි සතුට ඩබල්.. ට්‍රිපල් උනේ.. කවදාවත් දකින්න නොලැබෙයි කියලා මම හිතපු යාළුවෝ ටික දෙනෙක‍් එක්ක අපූරු පැය කීපයක් ගෙවා දාන්න පුළුවන් උනා.. බීම ප්‍රධාන සෙසු කෑම බීම එක්ක.. හැමෝටම පොදු වෙච්ච මාතෘකා දිගේ හිනා සාගරයක ගිලෙමින්.. වෙලාවක කිසිම කථාවක් නැතුව නිහඬව හිත්වල පිරුනු හැඟීම් බෙදා ගනිමින් අපූරු වෙලාවක් ගත කරන්න අද මට ලැබුනා..

බුරූ බබී.. සංජි .. පිටස්තරයා.. ආගන්තුකයා.. මුචා.. නොදරුවා + නොදැරිය.. එක්ක කවදාවත් මම පණ පිටින් දකින්න නොලැබෙයි කියලා හිතපු අපේ මගේ මරණයත් මුණ ගැහුනු අද දවස ‍මගේ ජිවිතේ කවදාවත් අමතක නොවෙන දවසක්..!

කැමති විදියේ බීමත් එක්ක.. කඩෙන් ගෙනාව උනත් රස කෑමත් එක්ක.. ලස්සන පැය දෙක තුනක් ගෙවා දාන්න පුළුවන් උනා.. එක්කෙනෙක් නම් ඉතිං ආඩම්බර කමට ආවේ නෑ.. :( අපි ඉතිං පොඩි මිනිස්සුනේ කතා කරාම කියනවා :අනේ මලී මට සොකරි බලලා මහන්සියි ලු: හා හා කමක් නෑ ඉතිං අපි තරහා නෑ..!

එයින් පස්සේ ඉතිං අපේ පුද්ගලික උවමනා කිහිපයක් නිසා අපි දෙන්නට 3ට විතර කට්ටියගෙන් වෙන් වෙන්න උනා.. හැබැයි ආයේ මුණ ගැහෙන ලොකු බලාපොරොත්තුවකුත් එක්ක.. ඉතිං ඒ දවස එනකමං අපි ආයේ බලං ඉමු මචෝ..!

ඉතිං ඒ ගමන ගිහිං ආවට පස්සේ අම්මා එක්ක පන්සල් ගිහින් ඇවිත් මං මගේ මේ සතිය අහවර කරනවා.. හැබැයි මේ සතියේ හිතේ හිතේ පිරුණු සතුට අහවර කරන්න නම් බලාපොරොත්තුවක් නෑ...!

බර්ගර් කින්ග් එකේ සෙ‍ට් එක.










පේනවාගේ බර්ගර් එකේ කටවල් දෙකක් කන්න ටිෂු දෙකක් ඉවරයි.. හිතාගතහැකිනේ අවසානය. හික් හික්..


දඩින් බිඩිං බීම කඩේ ඩෝං ගාලා දොඩං හදා දෙන්නේ මෙයා තමා..





මේක තමයි මගේ ජිවිතේ මං අරන් තියන වටිනම ෆොටෝ එක. කීයක් වියදම් උනාද දන්නේ බුරු මැඩම් තමයි.

අදට මේ හොදටම ඇති.. මං දැන් දොයි.

Friday, March 19, 2010

Marraige

Oh. yeah. Since my fellow blogger is totally hyped up about her new job and the new beginning. May be I should also share a bit of news from my side as well.

Well.. I am married.

Ok.. not actually married... {scratches head}

It's just I am going to have a wedding and all.. but engaged for the time being.. {some stupid ass thing like that}

The unlucky girl ? .. well.. she's someone I knew from my childhood. So yeah, she knows exactly who and what the heck I am :D .. so, nothing to hide or to cover up about my atheist, colourful life :D ..

The best thing is that she's a manic cat lover like me :D .. believe it or not, she has the entire "Cullen" family in Kittens at her place "Edward, Emmant, Jasper etc.. and Jacob Black as well"

Ok.. back to the main point.

I am not available anymore. (sheezzzz.. what a disaster.. )

Monday, March 15, 2010

දෙවෙනි රස්සාවේ පළවෙනි දවස

අද මගේ ජිවිත කතාවේ තවත් පරිච්ඡේදයක් පටන් ගත්තා... මගේ රැකියා ඉතිහාසයේ වැඩි විවිධත්වයක් නැති උනත් ‍මගේ ජිවිතේ අවුරුදු 23න් දැනට අවුරුදු 4ක වෘත්තීය පළපුරුද්ද මට තියනවා... මගේ යාළුවෝ දෙවෙනි සැරේ ඒ ලෙවල් ලියන්න පන්ති යද්දි මං ගියේ රස්සාවට.. ඒ තෝරාගැනීම ගැන සමහර වෙලාවට දැන් පොඩි දුකක් ඇති වුනත්.. අන්තිමේ එයාලගෙයි මගෙයි කතාවේ වැඩි වෙනසක් නැති නිසා මං එදා ගත්ත තීරණේ ගැන අදටත් මං දුක් වෙන්නේ නැහැ... මගේ පළ‍වෙනි රස්සාව ගැන කියනවා නම් ඒ ගැන වෙනම බ්ලොග් ලිපියක් ලියන්න වෙනවා.. හැබැයි කෙටියෙන්ම කියනවා නම් කියන්න තියෙන්නේ ඒ ‍වගේ රස්සාවක් මට ආයේ ලැබෙන්නේ නෑ.. ඇත්තටම ඒ වගේ ආයතන තව නෑ... ඒ වුනාට ලෝක ආර්ථිකයත් එක්ක ඒ රස්සාව දිගේ වැඩි දුරක් යන්න බැරි වග දැනට අවුරුද්දක විතර වෙලේ ඉදන් දැනුනා උනාට එතනින් අයින් වෙලා වෙන තැනක් හොයා නෙගෙන හිටියෙත් කාලයත් එක්ක එතනට ඇති වුනු බැඳීම විතරමයි.. ඒත් කොහොම උනත් පෙබරවාරි 22 දා සිට නීත්‍යානුකූලව රැකියාවෙන් ඉවත් වෙන්න මම තීරණය කරා... 22නිදා අයින් වුනත් ගෙදර නතර උනේ නම් ඊට ගොඩ දවසකට කලින්.. හැබැයි පරිපාලනය තීරණය කරා මම ලිපිය දුන් අන්තිම දවස වෙනතුරුම මම එයාලගේ සේවකයෙක් වෙලා හිටි බව සලකන්න... ඉතිං එතනින් එක් පරිච්ඡේදයක් අවසන් උනා..!

ඒ වුනාට අද ඒ කියන්නේ මාර්තු 15 අළුත් පිටක් ඇරඹෙනවා.. මීට කලින් මම වැඩ කරලා නැති අළුත්ම අංශයක..කලින් තරම් නිදහසක් නම් නොලැබෙන පාටයි.. මොකද සතියේ දින 6ක්ම වැඩ එකත් පැය 24 ම විවෘත අංශයක.. :( දුක තමයි නයිට් කරන්න වෙනවා.. ඒත් ඉතිං අර කියනවානේ සැප විදින්න නම් දුක් විදින්නත් ඕනි කියලා...එහෙම හිතාගෙන රස්සාව පටන් ගත්තා... දැන් ඉතිං හැමදාම කොළොම්පුරට ගාටන්න වෙනවා.. :(( හැබැයි ආයතනය නම් හොඳයි වගේ.. මොකද ලඟදිම අපි අළුත් තැනකට මාරු වීමට නියමිතයි..එතකොට අපිට අළුත්ම වටපිටාවක වැඩ කරන්න පුළුවන්..අද අපි එතන බලන්නත් ගියා.. වාව්...! 5 ස්ටාර් හොටෙල් එකක් වගේ.. ඒ වුනාට ඉතිං වැඩ පටන් ගත්තම කොහොම වෙයිද දන්නේ නැහැ.. මොනා උනත් එක හොඳකට උනේ ගියපු ගමන් බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරන්න වෙච්චි එක.. දෙයියනේ කියලා රුපියලක් හරි මාසේ අන්තිමට ඉතිරි වෙයිනේ.. නැත්තං මටත් වෙන්නේ අපේ මරණෙට වුනු වැඩේමයි... මොකෝ ඉතුරු කරනවා කියලා හිත හිත හිටියට පහුගිය අවුරුදු 4දි කරපු ඉතිරියක් නැහැ නේ.
ඉතිං එහෙමයි අද දවස.. සතුටුයි.. මොකද ආයේ මම වැඩ කරන නිසා.. රස්සාවක් නැති උනාම මොකද වෙන්නේ කියලා දන්නේ නැති වෙච්ච උන් විතරමයි.. ඉතිං ආයෙත් මං පුරුදු පරිදි මගේ වියදම් මං හොයාගන්න තැනට ඇවිලා.. හුරේ.. මට ජය වේවා...!!!!

ලිපිය ඉවර කරන්න කලින් තුන් දෙනෙකුට ස්තූති කරන්න ඕනි.. 1. අපේ බුරු අක්කා.. එයා ගොඩක් මහන්සි උනා මට රස්සාවක් හොයා දෙන්න.. මං හිතන්නේ එයා දන්න හැමෝටම මං ගැන කියලා ඇති. ස්තූතියි අක්කේ.. ඔන්න දැන් හරි.. මාව ‍පාටි වලට ගන්නේ නෑ කිව්වනේ මට රස්සාවක් නැති උනොත් දැන් මට එතහැකි. :ඩී
2 නැෂ් - මම මූව අදුන ගත්ත දවස් වල ඉදන්ම නැෂ් කියන කතාවක් තමයි ගැණියෙක් උනාම රස්සාවක් කරන්න ඕනි කියන එක. මට රස්සාවේ ප්‍රශ්ණ ආවම අළුත් එක්ක හොයා දෙන්න මහන්සි උනා.. හොයලා දීපුවට මං ගියේ නැති උනාම මට මරණ තර්ජන එල්ල කරන්න තරම් මේකා මිත්‍රද්‍රෝහියෙක් උනා. ;-) ඒ වුනාට මට අනූව මගේ හොද යාළුවෙක්.. හැබැයි දැන් ආගිය අතක් නෑ.. කවුරු හරි දැක්කොත් අනේ වහාම දැනුම් දෙන්න මං දැන් රස්සාවක් කරනවා කියලා.
3අන්තිමට මගේ වෙන්න මහත්තයා වෙන මොකුත් ඕනි නෑ.. සල්ලි නෑහ් ගාපු ගමන් මගේ ෆොන් එකට රීලෝඩ් කරලා මගේ වියදම් ටික බලාගත්තු එකම ලොකු දෙයක්.. ගෙදර හිටි දවස් වල බැන බැන පංති යැව්වා වගේම රස්සාවකට යන්න උනන්දු කලෙත් එයා.
එකී මෙ‍කී සියළු දෙනාට ස්තූතියි ආයෙමත්.. :ඩී

Friday, March 12, 2010

අනේ බිඟුවෝ නුඹ නාඬන්

මට මේ ලිපිය ලියන්න හිතුනේ බිඟුවා අයියාගේ මෙන්න මේ ලිපිය දැක්කට පස්සෙයි. මේ ටික එතනම කමෙන්ට් එකක් විදියට දාන්න තිබුනා උනත් වඩා හොඳයි කියලා හිතුනා වෙනම ලියන එක. මොකද එතන අදහස් සාකච්ඡා වෙලා තිබුනේ වෙනම පැත්තකට බර වෙන්නයි.

බිඟූ ගේ ලිපිය මුලින්ම ලියවිලාම තියෙන්නේ විශ්ව පිරිමි දිනයක් වෙන් වෙලා නෑ කියලයි.. ඒ වගේම පිරිමි අයටත් ගැහැණු අයට වගේම සමාජයෙන් ලැබිය යුතු තත්වයන් හා අයිතිවාසිකම් තියනවා කියන්නයි.. ඇත්ත මම ඒක පිළිගන්නවා.. ඒ වගේම ඒ ලිපියේ කමෙන්ට් අතරේම තිබුනා පිරිමි අයටත් එහෙම දිනයක් තියනවා කියලා. හැබැයි තාම මාර්කටින් කරන අයට ඒක විකුණන්න ක්‍රම හොයා ගන්න බැරි වෙලා තියනවා.. ඒ නිසයි වැඩි ප්‍රසිද්ධියක් නැත්තේ.. මම හිතන විදියට නම් පිරිමි ඒ ගැන දුක් වෙන්න නෙවෙයි සතුටු වෙන්නයි ඕන කරන්නේ.

ඒ ඇයි කියලා මම දැන් මට තේරෙන විදියට කියන්නම්.

ඇත්තටම අපේ රටේ නම් කාන්තා දින සමරනවා කියලා කරන මහලොකු කෙන්ගෙඩියක් නෑ.. ‍කරන ලොකු‍ම දේ තමයි රූපවාහිනි චැනල් ටිකේ නිවේදක නිවේදිකාවෝ ටික ගෙවල්වලට වෙලා ඉන්න ගෑණු ටිකව කොහේ හරි ඉඩ තියන තැනකට එකතු කරලා මුණු පාට කරන්නයි සාරි අඳින්නයි.. මොනා හරි මහන්නයි උගන්නන එක.. ඔය ටිකම තමයි අනිත් හැම දවසකමත් උදේට උදේට නැත්තං සති අන්තේ කාන්තා වැඩසටහන් කියලා යන එව්වයේ පෙන්නන්නෙත්... ඒවට වියදම් කරන වෙළඳ අනුග්‍රහකයෝ කියන කට්ටිය එන්නේ නම් තෑගි පෙට්ටි පොදි බැදගෙන. හැබැයි එක්කෙනෙකුට තෑග්ගක් දෙන්න අනිත් හැමෝගෙම පර්ස් එකේ සල්ලි වලට තට්ටු කරලා කියලා කවුරුවත් දැනගන්නේ නැති එකයි වැඩේ..

විශ්වාස කරනවාද ස්ත්‍රී සරීර කූඩුවේ හැම මිලිමීටරයක් සඳහාම කුමන හෝ වර්ගයක ආලේපනයක් තියනවා කියලා? ඇත්තෙන්ම ඔව්! ඔළුවේ තියෙන කෙස් ගහේ කෙල‍වරේ ඉදන් කකුලේ පොඩි ඇගිල්ලේ අන්තිම නියපොත්තේ අග තුඩ වෙනකම්ම මොනවාම හෝ දෙයක් හැම කොටස වෙනුවෙන්ම තියනවා.
ඔළුවේ ඉදන් බෙල්ල ගාවට ගත්තොත් විතරක් 100ක් වත් ඇති. කෙන්ඩෙටම ෂැම්පු,කන්ඩිෂනර්,කලර්,ඔයිල්,හෙයාර් තෙරපි,ඇන්ටිඩැන්ඩ්‍රෆ්,විග්,ඇතුලු එකී මෙකී නොකී දේවල් නම් කොයි තරම්ද?

‍කොට දේවල් දිග් කරන්න.. දිග එවා කොට කරන්න.. ලොකු ඒවා පොඩි කරන්න.. පොඩි ඒවා ලොකු කරන්න.. අරවා කරන්න මේවා කරන්න.. ඉතිං හැමදේම කලාට පස්සේ ඇස් ගිණිකණ වැටෙන වර්ගයේ ගෑණියෙක්ව හදන්න ඒ තරම් අමාරු නැහැ... ඕන කරන්නේ සල්ලි විතරයි..ඇත්තටම අයියලා, මල්ලිලා ,මාමලා , මචං ලා පාරෙදි ඔෆිස් එකේදි ලස්සනට දකින ගෑණු පරාන වල ලස්සන තියෙන්නේ පිටත විතරයි වෙන්න පුළුවන්.. ඔතාගෙන ඉන්න එවා ගැලෙව්වට පස්සේ ඇත්තටම ගෙදර දා‍ඩිය පෙරාගෙන බත් එක හදලා දෙන්න ඉන්න ගෑණු මනුස්සයා දාහෙන් සම්පතක් කියලා හිතේවී.

දරුණු විදියට අදහස් එන නිසා ලියන්න ගියපු දේ නොලියවී වෙන දේවල් ලියවෙන තැනකටයි මං වැටිලා ඉන්නේ.. කොහොම උනත් ආයේ මුලික අදහසට ආවොත්.. ලෝක කාන්තා දිනය කියන දවසෙදි අපේ ගෑණුන්ට පෙන්නන්නේ ගෙදර මිනිහා හම්බකරලා ගේන එක වියදම් කරන්න අළුත් පැති හොයලා දෙන එකයි.

උදාහරණයක් විදියට ගත්තොත් කොළඹ තියන ලොකු සාරි කඩේක අනුග්‍රහයෙන් මනාලියන් ප්‍රදර්ශණයක් තියනවා.. ඒකට ‍එන ලංකාවේ ලොකු රූපලාවණ්‍ය කට්ටිය කියලා දෙන්නේ අළුත්ම විලාසිතා වලට අළුත් විදියට මනාලියක් වෙන හැටි. එයාලා එක්කගෙනම එන්නේ ෆිගර් එක ගානට තියන ෆුල් ශේප් සුදුම සුදු බර්ගර් හරි මැලේ හරි මොඩ්ලර් කෙනෙක්ව. ඉතිං ඕක බලන අපේ සාමාන්‍ය ගෑණු ළමයින්ටත් ඕන වෙනවා ඒ විදියට ඉන්න.. ඇයි ජිවිතේ ලස්සනම දවස තමන්ගේ විවාහ දවස කියලනේ කියන්නේ.. එතනින් එහාට එන ලස්සන දවස් වලට සල්ලි ඉතුරු කරන හැටිවත්.. එදායින් පස්සේ එන අසුන්දර දවස් ලස්සන කරගන්න විදි කියා දෙන්නේ නැහැනේ. ඉතිං අර ටිවී එකේ දැක්ක කෙනා වගේ හැඩවෙන්න හැමෝම ‍ආස වෙනවා. අවාසනාවකට වගේ ලංකාවේ ටීවී චැනල් වල යන ඕවා බලන්නේ බොහෝම සාමාන්‍ය පවුල් වල ළමයි.. අර ටීවී එකට ආව රූපලාවණ්‍ය ශිල්පියෝ එක දවසක හැඩ ගැන්වීමකට රුපියල් ලකෂ 1 ක් හෝ බොහෝ විට ඊට වැඩියෙන් ගන්නවා.. ඉතිං එච්චර දෙන්න නැති උනාම එයා ගාව මාස හයක් ඉගන ගත්ත කෙනෙකුට ඒ ගානෙන් හතරෙන් එකක් විතර දීලවත් අර වගේම ලස්සන වෙන්නයි හැමෝම අදහස් කරන්නේ.. ඉතිං ඊට පස්සේ ෆේෂල් කියයි අරවා කියයි.. පස්සේ හතර අතේ ණය වෙලා මඟුල අරන් පහුවෙන්දා ඉදන් ජෝඩුව එක්ක ණය ගෙවනවා..! ඊට පස්සේ ඉතිං ෆැන්ටසි බ්ලාස්ට්... ! පවුල් අවුල්..!!

කාන්තා දිනය කියලා ඔය වගේ ලොකු ඇස්බැන්දුමක් තමයි සිද්ද වෙන්නේ.. ඒ කියන්නේ දැනටමත් අච්චුවට සෙට් කරලා තියන ගෑණු ඔළු ගෙඩි ටික.. තම තමන්ගේ මාකටින් ටාගට් වලට හරියන විදියට තව තව හදන එක තමයි හැමෝම එකතු වෙලා කරන්නේ.. ඒ කියන්නේ ගැහැණිය කියලා වෙළඳ ආයතන වලින් දැනටම හදලා තියන මොඩියුල් එක ඇතුලට රටේ ඉන්න හැම මට්ටමකම ගැහැණුන්ව ඇදලා දාලා මේතන තමයි ඔයා ඉන්න ඕනි.. මේවිදියට.. මේ ඇදුම ඇදලා.. මේ විදියට හිනා වෙලා.. එහෙම නොවුනොත් ඔයාට තැනක් නෑ.. ඔයාට ජිවත් වෙන්න බෑ.. මේ සමාජය ඇතුලේ ඔයාට කරන්න දෙයක් නෑ.. කියන මානසිකත්වයට ගැහැණියව ඇදලා දාන එකයි මේ කරන්නේ.. එහෙම නැතුව තමන් තමන් විදියට පවතින්නවත්.. ස්වාධීනව තමන්ගේ අදහස් වෙනුවෙන් පෙනී හිටින්නවත් මේ කවුරුවත් කියා දෙන්නේ නැහැ. එහෙම නැතුව ඉස්සර අපේ රටේ අපිට පුරුදු වෙලා හිටි සුන්දර අල්පේච්ඡ්ජ ගැහැණියව ආපහු‍ ගේන්න කාගෙවත් අදහසක් නෑ.. මොකද එහෙම උනොත් කොහොමද සෙල්ස් ටාගට් වලට යන්නේ?
-------

වනිතා දින වෙන් විය යුතු නැහැ.. ඒත් දැන් වෙන් වී අවසන් නිසා සිදුවිය යුත්තේ ඇයට තමන් කවුද? කුමක් සදහා ජිවත් වෙයිද.. තම වගකීම කුමක්ද.. තම ගරුත්වය ආරක්ෂා කරගන්නේ කෙසේද.. තමන්ගේ ගෙදරින් පිටත යන පිරිමියා තවත් ගැහැණියකට ගරු කරන කෙනෙකු කරන්නේ කෙසේද? යන්න ගැන ඉගැන්වීමයි.. තම ආර්ථිකය සේම පවුල තුලින් සමාජයක් නිවැරදි කිරීමේ හැකියාව ඇති එකම සත්වයා ස්ත්‍රිය පමණයි.! මේ සමාජයේ ඇගේ මෙහෙවරට දිනයක් ප්‍රමාණවත් නෑ.. ඇය උපදින්නේම දියණියක..සොයුරියක.. බිරිඳක..මවක..යෙහෙළියක..පෙම්වතියක..උපයන්නියක ලෙස තම වගකීම් දෝතින් ගෙනමයි.. අපට දැන් අවශ්‍යව ඇත්තේ පසුගිය දශක කිහිපය තුල අප කාන්තාවන් ගේ මනසට මාධ්‍ය ප්‍රධාන වෙළද සමාජය එබ්බ වූ බහුබූත එළිය‍ට විසි කර නැවත ඇයට ස්වාධීන ‍මනසක් ‍හා තමන්ට තනිව තීරණ ගත හැකිව තිබූ ශක්තිමත් මොළය නැවත ලබා දීමයි.

දයාබර සහෝදරයිනේ.. නුඹලා වෙනුවෙන් දිනයක් නොමැති වීම ගැන දුක් නොවන්න.. මේ හැම මොහොතම අපි අප වෙනුවෙන්මයි..! අපේ ජිවිත වෙනුවෙන්මයි.. ඔබ ආදරය කරන ඔබට ආදරය කරන අය වෙනුවෙන්මයි.. ඒ වෙනුවෙන්.. එක් දිනයක් මක් කොරන්නද????

-----------

මේක ලිව්ව මම මේ ලිපිය ලියන්න කොයි තරම් සුදුසුද කියන්න මම දන්නේ නැහැ.. මම දකින දැකපු දේ.. මට හිතෙන විදියටයි මම ලිව්වේ.. මේ සමාජය ඇතුලේ මමත් තව බිල්ලක් නොවී ඉන්න උපරිම උත්සහ දරනවා උනත් බහුජන හිත සුවපිනිස මේ සිස්ටම් එකේ ‍මමත් ගොදුරක් වෙන අවස්ථා අනේක තියනවා.. මේ ලියලා තියන දේවල් වැරදි වෙන්න පුළුවන්.. නිවැරදි කිරීම ඔබට බාරයි.. අවසාන තීරනය ගැනීම ඔබේ හිතට බාරයි..

ප.ලි - මෙකේ මාතෘකාව දැම්මේ බිඟු අයියාගේ ලිපිය දැකපු හින්දා මේක ලියන්න හිතුන හින්දයි.. නැතුව වෙන හේතුවක් හින්දා නෙවෙයි හොදේ.!

Sunday, March 7, 2010

කාලෙකට පස්සේ බහුබූත ටිකක්

ඉතිං ආයුබෝවන් කිව්වා හැමෝටම කාලෙකට පස්සේ... ගෙදර උන්නට නෙට් ආවට.. බ්ලොග් ලිව්වේ නැහැනේ කාලෙකින්.. අනේ මන්දා.. ජිවිතේ ඒකාකාරී වෙලාද නැත්තං ලියන්න හිතෙන දේවල් හිතලා විතරක් නිකං ඉන්න හින්දද මන්දා ලියන්න කියවන්න තියෙන්නේ මේ දවස් වල පුදුම කම්මැලි කමක්.. ඇබ්නෝමල් මයින්ඩ්ස් පටන් ගත්තට පස්සේ මොකුත් වැඩිම කාලෙකින් මොකුත් නොලියා හිටිය වකවානුව තමයි මේ ගෙවී ගෙවී යන්නේ.. ඇයි මන්දා මේ තරම් ලියන්න කම්මැලි හිතෙන්නේ.. ලියනවා කියන එක නිකං මරණවා වගේ වෙලා අප්පා.. හැබැයි මෙහෙම තව ටික දවසක් ගියොත් සිංහල යතුරු පුවරුව නම් අමතක වෙලා යනවා ෂුවර්.. ඒ නිසයි මේ ඕපදූප ටිකවත් ඔහේ ලියලා දාන්නේ.. අඩුම ගානේ මගේ සෝ කෝල්ඩ් ෆෑන්ස් :පී ලා ටිකවත් මං මැරිලා නැතුව ඉන්නවා කියලා දැන ගනීනේ.. :ඩී

ඉතිං දැන් මේ දවස් වල අපේ සිරි ලංකාව ගැන ගත්තම අපිට කතා කරන්න දේශපාලනේ ඇරෙන්න වෙන මොකුත් ම නැහැනේ.. ඇත්තම කියනවා නම් මං ගැන ගත්තම මගේ ජිවිතේටම මම කථා කරන්න අකමැතිම මාතෘකාව තමයි ඒක.. මට නම් හිතෙන්නේ ඉන්න උනුත් එකයි.. යන උනුත් එකයි යන්න ඉන්න උනුත් එකයි කියලයි.. එක අතකට මේ තරම් ඡන්ද වලට වියදම් කරන්නේ අපරාදේ.. අපි රාජාණ්ඩු ක්‍රමේකට ගියා නම් හරි අප්පා.. මොකෝ රජයි රැජිනයි යුවරජාලයි පුරෝහිතයි ඇමති සෙට් එකයි සේරම එකම පවුලක් තියනවානේ.. අනිත් උන් මොනාට නැහෙනවද? ඔන්න ඉතිං විපක්ෂෙට තමයි එතකොට පව් වැඩේ වෙන්නේ.. අපිට පුළුවන් රටේ විවාහ මරණ රෙජිස්ටාර් පට්ටං ටික එයාලට දෙන්න.. මොකෝ පක්ෂ එක්ක සෙට් වෙන්න ඩිවෝස් වෙන්න ඒ ගොල්ලන්ට පුදුම ට්‍රේනින් එකක්නේ තියෙන්නේ.. අද ඕනා කියනවා.. හෙට ‍එපා කියනවා.. අනේ මන්දා අප්පා..! අසුරු සැනින් එක මොහොතදී විශ්වය නැවතී යළි ඇරඹී අළුත් සිස්ටම් එකක් ආවොත් ඇරෙන්න මේ යන විදි වෙනස් කරන්න බැරි වෙයි.. වෙනස් උනත් ඉතිං ආයේ පටන් ගන්නේ අපේම උන් නිසා ඉතිං වෙනසක් වෙන එකක්.. නෑ.. පාට විතරක් වෙනස් වෙයි.. ඒ හින්දා ඒවා ගැන කතා කරලා වැඩක් නෑ!!!!!!! >:-(

රටට පසු මං ගැන කතා කරනවා නම්.. මම මේ දවස් වල සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වෙලා... ඇත්තම කියනවා නම් මේක අමුතු විදියේ ලෙඩක්.. ඒ කියන්නේ හෙම්බා කිව්වට දැන් දවස් ගානක් තිස්සේ පළවෙනි අදියරේ තියෙන්නේ එතනින් එහාට යන්නෙම නෑ.. ඒ කියන්නේ නාහේ ඇතුලේ දූවිලි ගිහින් වගේ.. හරියට හෙම්බා හැදිලා නෑ.. හැබැයි හෙම්බා.. !අද ඉතිං කූල් බිව්වා නෑවා ෆෑන් එක යටටම ගිහින් හිටගෙන හිටියා ඒ වුනාට තාම වැඩේ දරුණුම උනේ නෑ.. මට ඕනත් දරුණු කරගන්න.. ඒ කිව්වේ නිව්මෝනියාව නෙවෙයි.. ඊට ටිකක් අඩුවෙන්.. මොකෝ කිව්වට ඇස්වහක් කටවහක් නෑ මට දැන් අවුරුද්දකින් ‍විතර හෙම්බා හැදුනේ නෑ.. ඉතිං මොළේ ඇතුලේ තියන හෙම්බා නිසා පොඩ්ඩ එහා මෙ‍හා වෙන්න බෑ ඔළුව රිදෙන්න ගන්නවා.. ඉතිං ඔළුව හිස් කරගන්න ඕනි.. අනේ දන්න කෙනෙක් කියන්න මං කොහොමද රෝග තත්වය වැඩි කරගන්නේ කියලා.. පිං සිද්ධ වෙනවා...

එතකොට දැන් මගේ ෆෑන්ස් ලට
:පී සැහෙන්න ප්‍රශ්ණයක් වෙලා ඇති මේ ටිකේ මං මොනාද කලේ කියලා නේ? ඒ කියන්නේ අළුත් නිව්ස් මං කරන වැඩ ගැන.. :පී ඇත්තම කියනවා නම් මං මේ ටිකේ මුළු දවසම වගේ ගත කලේ ‍මගේ සිංගර් පංතියේ.. මං දැන් ඇඳුම් මහන්නත් ඉගන ගන්නවා.. මතක ඇතිනේ එම්බ්‍රොයිඩර් මහන්න ගිහිං කරගත්ත හරිය ෂුවර් එකටම ඇඳුම් මැහිල්ල නතර වෙන්නේ ඇඟිල්ලක් දෙකට වෙන් කරගෙන තමා.. ලොල්ස්...!! ඒ අස්සේ මට හොඳ ෆිල්ම් සෙට් එකක්ම ලැබුනා ඒ ටික බැලුවා.. ඒ අතරින් 3 idiots තමා හොදම එක.. My Name is Khan නම් තාම ලැබුනේ නෑ.. බයිස්කෝප් අයියලාගේ පිහිට තමා ඒකට නම්.. ඊට අමතරව මගේ Barn Buddy Farm එකේ තමා ජිවිතය ගෙවිලා ගියේ.. දැන් මට තව එකම එක කොටුවයි ගන්න ඉතිරි අනිත් සේරම අරගත්තා.. මට හොරකං කරගන්න වගා කරපු හැමෝටම ඒකට බොහෝම පිං..! :ඩී

අනේ ඒක නෙවෙයි මට හරි පව් වැඩේ වෙලා තියෙන්නේ.. මේ මොබයිල් එකක් හින්දා.. කට්ටියක් හෝ ගලා බනිනවා කෝල් කරාම ආන්සර් කරන්නේ නෑ කියලා.. තව කට්ටියක් බනිනවා වැරදිලාවත් රිංග් කට් එකක් වත් දෙන්නේ නෑ කියලා.. හනේ මං මොකෝ කරන්නේ අල්ලලා ගහන්නද මොබයිල් එක පොළවේ..?තව වැඩිපුර එකක් තිබ්බා නම් අම්මපා ඒක තමා කරන්නේ.!!!!!!
ගර්ර්ර්ර්ර්!

ඉතිං දැනට විකාර කියෙව්වා ඇති.. හැමදාම වගේ මේක ලියන මටවත් කියවපු ඔයාලට වත් මේකෙන් ඇති වැඩක් නෑ.. යන්න යන්න ගිහිං වැඩක් පලක් කරගන්න.. අපි නැවත හමුවෙමු..

ආව එකේ මේ දෙකත් බලලම යන්න.. පහුගිය ටිකේ ලයිබ්රි ‍එකෙන් ගෙනාව පොතකින් බලාගෙන මැහුවේ මේ දෙක.