Tuesday, March 31, 2009

කාටදෝ වුනු ඇත්ත කථාවක් ලු!


ඕන්න එක්කෙනෙක් අද වැඩපල එහෙම ඉවර කරලා යාහූ එකට වෙලා යාළුවෙක් එක්ක හරබර සාකච්ජාවක්ලු..
එකපාරටම වෙලාව බලද්දි 4.45ත් වෙලාලු 4.15ට ගෙදර යන්න කලින් කෝල් කරන්නම් කිව්ව කෙනාගෙන් කෝල් එකක්වත් නැති හින්දා ඒ මනුස්සයටත් හිතින් බැන බැන ටාං ටෝං ගාලා යාහූ යාළුවට බායි කියලා වෙනදා විදියට නැතුව කොම්පියුටරේ ස්විච් වලින් කෙලින්ම ඕෆ් කරලා දත කට මැදගෙන මූණ හෙම හොදලා සුරුස් ගාලා යතුරුත් බාර දීලා පාරට ආවලු...අව්වත් වැඩිය සැර නැති හින්දා ඉරටත් ඔරව ඔරව දාඩිය පිහ පිහ ළග තිබ්බ ෆුඩ් සිටියටත් ගිහිං ඕන කරන ලටපට ටිකක් අරන් දැන් බස් එකට නගින්න හෝල්ට් එකටත් ආවලූ... දැන් ඉතිං 5 ත් පහුවෙලානේ... ඉතිං අර දෙනවා කිව්ව කෝල් එකත් නැති හින්දා බස් එකක් එනකම් කරන්නම්කෝ හොද වැඩක් කියලා මොබයිල් එක අරන් ගත්තාලු කෝල් එකක්...!

"හෙලෝ! කොහොද ඉන්නේ?"
"ඔෆිස් එකෙනේ.. ඇයි..?"
"ඔෆිස් එකේ? ඇයි ගෙදර යන්නේ නැද්ද?" ‍
"දැන්ම?"
"නැත්තං... දැන් වෙලාව කීයද?"
"දැන් තුනට විතර ඇතිනේ..."
"විකාරද?"
"ඔව් ඇයි නැද්ද? ඉන්න බලන්න මේකේ වෙලාව වැරදිද දන්නේ නැහැ..."
"හ්ම්.. බලලා ඉන්නකෝ..."
"තුනයි දහයයි තමයිනේ වෙලාව ... ඇයි ‍ඔයා කොහෙද ඉන්නේ..??"
"ඈ.........! හයියෝ.... නෑ දැන් වෙලාව පහයි නෙවෙයිද?"
" පිස්සුද අනේ.. හික් හික් හික්....."
":(( මම ගෙදර යන්න ඔෆිස් එකෙන් ආවානේ...අනේ දැන් මොකෝ කරන්නේ... අනේ දැන් මං ඔෆිස් එකට කෝල් ආවොත්..මොනා හරි වැඩක් ආවොත්..අනේ...!
...........................................

__________________________________________________________

හැමෝම මතක තියා ගන්න ඔන්න ‍ඔහොමයි කට්ටිය කලින් ගෙදර යන්නේ.. මේක වුනේ කාටද කියලා ඉතිං දන්නෝ දනිති.. නොදන්නෝ නොදැනම සිටිති.. :p

කථාවේ පණිවිඩය :- ඔබේ ඇස් එකවරම විශ්වාස නොකරන්න එය ඔබ මුලා කරනවා විය හැක.

17 comments:

  1. Dudeee..... that's funny !

    lolzzz ! .. haaa haaa !

    Actually no worries, you are not going nuts, I have the same problem.. and my frequency of err in time is much more greater than you ! :-)

    Infact, come to think of it... it happened to last week.. when I stood out a "date" for almost 1 hour.

    The welcome I got was overwhelming.. starting with a "you fu_king asshole... I was sitting here for 1 fu_king hour and you tell me you misread your bloody watch.. etc.. etc... " .. no need to tell the rest I guess eh ?

    ReplyDelete
  2. hik hik !! malee enakal balan inna kenatada ehema une?

    ReplyDelete
  3. මේ කියන එකා හෝ එකී මල් පරීක්ෂනේකටවත් භාජනේ වෙලා හිටියද? :P

    ReplyDelete
  4. මටත් වරක් ටිකක් වෙනස් දෙයක් උනා. මීටිමකට යන්න උනා. එතැනට කලින් ගියා අපේ මිත්‍රයෝ සෙට් එක එක්ක කයියක් ගහන්නත් එක්ක.

    අදාල අංශයට එද්දි වෙලාව ගැන අදහසක් තිබ්බෙ නැ. කාමරේ ඇතුලේ ලොකු පිරිසක් ඉන්නවා. වාඩි උනාම හැමෝම හොල්මන්.

    බලද්දි ඒක වෙන මීටිමක්.
    අදාල එක පටන්ගත්තේ එකෙන් පස්සේ.

    හැබැයි මෙක වෙන්නේ මට විතරක් නෙමේ කියලා දැනගත්තේ, මම ඉන්න ඔනා මිටිම කරගෙන යද්දි තවත් කාන්තාවක් මගදි ආවා. එයා ඉන්න ඔනා එක ඊට පසුව තියෙන මිටිමලු. :D

    ReplyDelete
  5. මරු වැඩ තමා ඉතිං. ඔව්වා මටත් වෙලා ඇති ඕන තරම්. හවස නිදාගෙන කලුවර වැටෙනකොට ඇහැරලා දුවලා ගිහින් ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙනවා. :D

    මේ මේ අක්කේ, කථා නායිකාවයි එතුමායි මම මතක් කලා කියන්න ආදරෙන්.

    ReplyDelete
  6. ඕවා ඔහොම තමයි... හිකිස්

    ReplyDelete
  7. ෂුවර් එකටම රුපියල් 5 ට ඉස්සර තිබ්බ ටොපියක් කාල ඉන්න ඇත්තේ. මන් අහන්නේ වැඩ ඇරිලා කලින් ගෙදර යන්න

    ReplyDelete
  8. හෆොයි, ඔරලෝසුවේ කටු ඉක්මනට ගිහින් වෙන්න පුලුවන්, නැත්තම් ඒක කලින් දවසෙම නතර වෙලාද දන්නෙත් නෑ.

    ReplyDelete
  9. hik..hik.... katada ithin perasita mool lu.. :P

    ReplyDelete
  10. බිණ්කුට වෙන වැඩේ නම් මටත් ගොඩක් වෙනවා.. මම හිතුවෙ මට පිස්සු හින්ද එහෙම වෙනවා කියලා.. බලන කොට තව අයටත් එහෙම වෙනවනෙ!!

    ReplyDelete
  11. ඇත්තම කියනවා නම් මේකයි වුනේ.. අදත් බලලයි දැන ගත්තේ... කොම්පවුටරේ ඉස්සරහ හිටියම වෙලාව බලන්නේ ඒකෙන්මනේ.. ඔෆිස් එකේ එකේ වෙලාව තියෙන්නේ පැය 24 ක්‍රමේට. ඉතිං 14.45 දැකලා තියෙන්නේ 4.45 විදියටලූ!!!

    ReplyDelete
  12. පිස්සු හැදෙන සඳ!!!! :D

    ReplyDelete
  13. මට වෙන සිද්ධි හින්දාම මම නම් මගේ ඔර්ලෝසු පුළුවන් තරම්ම පැය විසිහතරේ විදියට සකසලා තියෙන්නේ. එක හරිම සිම්පල් ප්ලෑන් එකක්.

    ඉද්දෝ, දාන්න පහක්!

    ReplyDelete
  14. baka baka bakaaaa..........

    ReplyDelete
  15. අයිත් මේ වගේ දේවල් කරන්න එපා කියලා හොදවායින් ටොක්කක්[ආදරේට හොදේ] දෙන්න... නංගි..

    ReplyDelete
  16. Hello
    buy zolpidem

    3.5% of 201 patients receiving 6.25 mg or 12.5 mg of Ambien CR discontinued treatment because of an adverse event in clinical trials with Ambien CR.
    [url=http://www.indianastallionstation.com/]ambien sleep[/url]
    Ambien should be taken before going to bed and when about to sleep.
    http://www.indianastallionstation.com/ - ambien drug
    25 mg, and they must be closely monitored.

    ReplyDelete