Tuesday, December 2, 2008

අනේ මම සුළග වුනා නම්‍‍......



අනේ මට හුළග වෙන්න තිබ්බා නම්... මේ ගෙවන එකාකාරී ජිවිතයෙන් මොහොතකට මිදිලා නිදහසේ හමා යන්න තිබුනා... මම ආසම කරන වැසි වනාන්තර උඩින් කෙත්වතු පිසගෙන ගිණි අව්වේ වැඩ කරන අසරණයන්ගේ දාහඩිය පිසගෙන හමා යන්න තිබුනා විටක සෙමින් විටක වේගයෙන් මම කැමති විදියටක‍ට කාටවත් නොදැනෙන්න මම ආදරේ කරන අයව හෙමි හෙමින් සිපගෙන අනේ මට පාවෙලා පාවෙලා යන්න තිබුනා නම්.... නිල් පාට සාගර ජල කද මතින්‍‍... උසම උස කදු උඩින්... වළාකුලු වල ගෑවෙමින්...දිය ඇළි එක්ක තාලෙට නටමින් උත්තර ධ්‍රැවයේ හිම පියළි මිදෙන සීතල මැදින්... වැලි කැට පුපුරු ගසන සහරාවේ වැලි කදු එක්ක... ස්ටෙප් තණ බිමේ පිණි බිදු අරන්... මට යන්න තිබුනා මුළු ලෝකේ පුරාම...
මම හුළග උනානම්... අප්‍රිකාවේ වැස්ස නැති පැති වලට උඩින් කළුම කළු වැහි වළාකුළු තල්ලු කරගෙන ගිහිල්ලා බලෙන් හරි වැසි වස්සවන්න තිබුනා... ඒ වැහි බිදු වැටිලා ලස්සනට හිනා මල් පිපෙන පොඩි උන්ගේ මුණු දිහා උන්නටත් හොරෙන් බලන් ඉන්න තිබුනා... යායට මල් පිපිලා තියෙන මල් වතු සිසාරා පාවෙලා ගිහින් මල් සුවදත් අරන් දුකින් ඉන්න හැමකෙනාගෙම ජිවිත වලට අළුත් මල් සුවදක් අරන් යන්න මට තිබුනා...ගිණි කූ‍ට අව්වේ වැඩ කරන මිනිසුන්ගේ හිසට උඩින් වළාකුලක් ගෙනැල්ලා නපුරු ඉර මුවා කරන්න තිබුනා..
නපුරු කුහක මිනිස්සු ඉන්න තැන් වලට ‍දරුණු වියරු වැටුනු වා සුළියක් වෙලා ගිහින් නපුර නැත්තටම නැති කරලා‍ මේ ලොකය ලස්සනම ලස්සන ආදරණීය කැදැල්ලක් කරන්න මට තිබුනා...
අනේ මම සුළග වුනා නම්... හැමකෙනා ලගම බිදෙන් බිද මොහොතෙන් මොහොත සුවදායක පවන් රොදක් වෙලා රැදී ඉන්න තිබුනා...එත් ඉතිං අවාසනාවට මම පවන නොවී පරිගණකයක් ඉදිරිපිට යතුරු ඔබ ඔබා හිතට එන හැම දේම දොඩවන පිස්සු කොච්චියක් වුනානේ...













අනේ ඉතිං වෙච්චි දේට මක් කොරන්නද?
Photos taken from Flicker


28 comments:

  1. සාමාන්‍යයෙන් සුළඟ ඇති වෙන්නෙ සුළු මට්ටමක හෝ වායුගෝලීය පීඩන වෙනසක් හෙවත් අවපාතයක් නිසා. කවුද දැන් ඔය අවපාතය?

    ReplyDelete
  2. ඔය හුළඟට මහ ගස් කඩන් වැටෙනවා..ගෙව්ල් උඩටම.. ඔක්කොම පොඩි කරලා ගහගෙන යනවා..මුළු ‍කැලේම උනත් වනසලා දානවා.. පොඩි කුරුලු කූඩුවේ ඉඳන්..
    පොඩි ගින්නක් ලොකු ලැව් ගින්නක් කරනවා..
    අනේ ඔයාටත් ඉඳ හිටලා හරි තද වෙන නිසා ඔයා හුළඟ වෙන්න නම් එපා :(
    කොහෙන් නවතීවිද දන්නැහැනේ .. ;)

    ReplyDelete
  3. පිස්සු කරන්න එපා. එතකොට කවුද අපේ බයිට් එක. ඔයා තෝසේ කන්නේ කොහොමද එතකොට ?? පිස්සු උනාට ඔය ඉන්න විදිය හොදයි. පිස්සොත් ඉන්න ඕන නේ.
    තව පොඩි ප්‍රශ්නයක් "පිස්සු කොච්චියක්"ද? නැත්නම් කෝච්චියක්ද???

    ලස්සන සටහනක්. යථාර්තයට වැඩිය සිහින ලෝකේ කොච්චර ලස්සනයිද? නේද?

    ReplyDelete
  4. පිසස්සු කෙල්ල
    ඊයේ මම නිදාගන්නකොට කීයද දන්නවද රෑ 1යි අද නිදා ගන්න හදන්නේ කීයටද දන්නවද 1යි.
    ඊයේ පෞද්ගලික දේවල් කියවන්න ගිහිල්ලා අච්වාරු කලා ඉස්කෝලෙ ගිහින් ආවා.
    අද හුලං කියවන්න ගිහිල්ලා ඉතුරු ටික කියෙව්වා
    ඔයාගේ බ්ලොග් එක දවස් දෙකක් මගේ නින්ද හොරකම් කලා.ඇත්තටම ඔයා තේරුම්ගන්න බැරි චරිතයක් හැබයි පණ්ඩි‍තයි කියලා නම් තේරෙනවා
    අර ඔයාගේ ඉංග්‍රීසි යාළුවා,මිනිහා ලියන දේවල් නම් තේරෙනවා අඩුයි.හැබැයි මිනිහත් අමුතු පොරක් කියලා නම් තේරෙනාවා.
    හික් හික් හිකිස් බුවාහාහාහා(මේ විදියට හිනා ලියන්න ඉගෙනගත්තෙ ඔයාගේ බ්ලොග් එකෙන්)
    ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  5. මේක ආයෙ කියවද්දි මට මතක් වුනේ ආදරනීය වස්සානය චිත්‍රපටියට ඉන්දිකා කියපු අනේ මම රාත්‍රිය වුණා නම් කියන සින්දුව...

    ReplyDelete
  6. ඉන්දිකා අක්කගේ කටහඩට නම් මම මාර ආසයි ඒත් එයා වැඩිය සින්දු කියන්නේ නෑනේ

    ReplyDelete
  7. සිතිවිලි කියන්නේ ඔව්වට තමයි.සිතිවිලි හටගන්නේ මනසේ. බලන්නකො සටහන පටන්ගන්නකොට තිබුනු අයස්කාන්ත සිතිවිලි සටහන අවසාන වන විටම නැතිවෙලා යන හැටි. අනිත්‍යය ස්වභාවය ඒකයි. ඇතිවෙලා නැතිවෙලා යන දේ ශුන්‍යයි.ඒක දුකක්.

    ReplyDelete
  8. හොඳ සිතුවිල්ලක් නංඟෝ ඒත් ඉතින් අපි අපි වගේ නේ, කරන්න ඕනෙමයි කියලා හිතෙන දේවල් කරගන්න බැහැමයිනේ, ව්‍යාංගයෙන් ඔයා කියලා තියෙන්නේ, අපි සමහර විට යථාර්තයක් කරන්න උත්සහ කරන දේවල්, එහෙම කරන්න අපිට බැහැනේද කියලා. හිතට හිතන්න හුරුකරවන දෑ එකතු කරාට ඔයාට ස්තූතියි නංගී

    ReplyDelete
  9. මේ පැත්තෙන් යනව නම් හෙමින් යන්න.

    ReplyDelete
  10. මම නම් අහල තියෙන්නේ
    ගෑණු කියන්නේ
    "මද සුළඟටත් සැලෙන
    දැඩි සුළඟට නොසැලෙන"
    ජාතියක් කියලා.

    ReplyDelete
  11. හ - මේ අනවශ්‍ය ප්‍රශ්ණ අහන්න එපා හරී??

    සු - ඒ ඔයා දන්න සුළගනේ.. මම සුළග වුනා නම් එහෙම වෙන්නේ නෑ.. මම නොවුනු හින්දා තමයි ඔය සේරම :( ඔව් ඉතිං මම ටොනාඩෝ එකක් වෙන වෙලාවලුත් තිබේ ... :P

    5න් - බයිට්? ගර්ර්ර් ඔය ඉතිං මාව සුළගක් නෙවෙයි ගිණි කන්දක් කර ගන්න හදන්නේ..ලොල්ස්...
    පිස්සු පිස්සු - පිස්සු කොච්චිය.. ඒක දිග කථාවක් කෙටියෙන් කියනවා නම් සර්ව ආගමික බහුජාතික පිස්සු කෝච්චිය..
    සිහිනලොකේ ලස්සන වෙන්නේ ඒක යථාර්ථය නොවෙන නිසයි නේද?

    ගැන්ස්‍ටර්ර්ර් - ආ මටද පිස්සු කෙල්ල කිව්වේ අහුවෙන්න එපා මං හරි වසයි හොදේ..!මම නරක වැඩ කලනවා තමයි ඒ වුනාට හොලකම් කලන්නේ නානේ..! නින්ද නම් කෙහෙත්ම නා...!
    මම පණ්ඩිතයි? වෙන්න බෑ.. තේරුම් ගන්න බැරි නම් හේතුව ‍ඔයා තවම සරළ වෙන්න දන්නේ නෑ.. මොකද මම තේරුම් ගන්න බැරි චරිතයක් නෙවෙයි බොහෝම සරළ ජිවිතයක් ඔයා හතර අතේ පැටලිලා නම් ඔව් මම තේරුම් ගන්න බැරි ජිවිතයක් වගේ පෙනෙයි...
    හිකිස් මගේ බ්ලොග් වලින් යමක් කමක් ඉගෙන ගත්තා කියලා අහන්නත් ආසයි :P

    හා - අපෝ ඔයා රාත්‍රිය නම් වෙන්න ‍එපා නිදියලත් ඉවරයි අපි!

    5න් - පොඩ්ඩයි උපරිමයි ..වටිනාකම වැඩියි.

    ජයන්ත මහත්මයා - අනේ ඒක නම් ඇත්ත.. නැතිවීම / අහිමි වීම දුකක්...

    බෝ - ඔව් අක්කේ... නිමක් නැති හිතට ඕනෑ තරම් හිතන්න පුළුවන් ඒත් ප්‍රායෝගික ලොකේ එක තැනකදි අපි හිරවෙනවා..එතනින් එහාට අපිට යන්න බෑ..

    දොස්තර සීයා - හෙමින් යන්නේ නෑ.. ඇවිල්ලා නතර වෙනවා.. දවස්‍ දෙක තුනක් ඉදලා නිවී හැනහිල්ලේ කයියක් දාන් ඉදලා යන්න හැබැයි එනකොට එන්නේ මිරිස් තුනපහේ අරගෙන... :D

    අ* - හරියට හරි..! ‍අහලා තියන දේ නිවැරදියි!

    ReplyDelete
  12. pissu kochchiyakma thamai...habai sulanga nemei wessa wunath mama inna paththa palathakatawath enna ehema epa.. hehhee

    ReplyDelete
  13. සුළගෙත් වර්ග තියෙනවන.මඳ සුළගක් වෙලා ඉන්නකම හොඳයි.සුළි සුළගක් උන දාට තමයි ප්‍රශ්නෙ වෙන්නෙ.

    ReplyDelete
  14. කොහොම හරි සරත් මහත්තයා සීයම වුනා. අනේ...

    ReplyDelete
  15. ඔබ අහලා තියෙනවාද "සිත ඉහිල් කිරිමේ අභයාස" ගැන.එය මානසික ආතතියට හොද ප්‍රතිකර්මයක්.අත්දුටුයි, ප්‍රත්‍යක්ශයි. මේගැන දයා රෝහණ අතුකෝරාල මහත්මාගේ පොත් වල විස්තර කරලා තිබෙනවා.

    එහිදි කරන්නේ ඇස්දෙක වසාගෙන අපි කැමති, ලස්සන තැනකට ගිය ආකාරය පියවරෙන් පියවර මෙනෙහි කිරිම. හරියට ඔබ වනාන්තර උඩින්,කදු උඩින් ගියාවගේ.

    නිලන්ත හෙට්ටිගේ මහත්මයාගේ " භාවනා උපදේශ සංග්‍රහය" පොතේ "සංචාර භාවනාව" හා වනසංචාර භාවනාව " ලෙස හදුන්වා ඇත්තේද එවැනි ආකාරයේ දෙයක්.

    වනසංචාර භාවනාව( Forest meditation) කරන්නේ මෙහෙමයි.
    1) දෙපා හරස්කර කද සෘජුව තබා භාවනාවට සුදුසු ඉරියවුවක හිදගන්න
    2) දැස් පියාගන්න
    3) ඔබ වනානරයක් තුල සිටිතැයි සිතන්න
    4) වනයේ අසිරිය සිතෙන් මවා ගන්න
    5) දැන් ඔබ පොලවෙන් එසවි වනාන්තරය තුල පියඹායන බව සිතන්න
    6) ගස් කොල දිය පහරවල් ආදිය පසුකරමින් වනාන්තරයට ඉහලින් ඔබ පියඹා යනබව සිතන්න
    7) මේ අභයාසය මිනිත්තු 15ක් පමණ කරන්න
    8) සිරුරේ බර සම්පුර්ණයෙන්ම අහිමි වුවා වැනි හැගිමක් ඔබට දැනෙනු ඇත. එම සැහැල්ලු හැගිමෙන් යුතුව හැකිතාක් වේලා සිටින්න.

    (උපුටා ගැනිම-නිලන්ත හෙට්ටිගේ,2006, භාවනා උපදේශ සංග්‍රහය, සමාදි ප්‍රකාශකයෝ. බොරැල්ල)

    ReplyDelete
  16. කවී - අපොයි අපේ ලොකු අයිය‍ව එහෙමත් තනි කරන්න පුළුවන්ද..ඔබ කොහෙද අපි එතන :P

    Gayankt - අපෝ එහෙම හරියන්නේ නෑ.. වෙලාවෙන් වෙලාව තැනේ හැටියට වෙනස් වෙන්න ඕනි.

    අමල් - මට විතරක් ඒ අවසරය දුන්නා... මම සූසූසූටි එකී හින්දා හිකිස්

    කැඩපත - බොහෝම ස්තූතියි සටහනට.. එකවිදියටකට ඉන්න පුලුවන් වෙයිද කියන එකයි සැක.. කොහොම වෙතත් මම උත්සහ කරලා බලන්නම් නිදහස් වෙලාවක... නැවත වතාවක් ස්තූතියි.

    ReplyDelete
  17. @මලී_ඇම්ඇස්ජී: අපොයි ඔයා ඉස්ස‍රහා තියෙන අහිංසක ප‍රිගණකය... පව් මට දුකේ බෑ..

    ReplyDelete
  18. " සුලගක් වී මං යනවා
    දුර අහසේ ඈවිදින්නට "

    අනේ එහෙම උනානම් කොච්චර ශොක්ද ? විභාග නෑ , උදේන්ම නෑගිටින්න ඕන නෑහෑ..., එත් එ වෑඩේ හරියන එකක් නෙමේ . කමක් නෑහෑ ඔයාවත් සුලග වෙලා එ අත්දෑකිම විදගන්න...

    ReplyDelete
  19. මේ පිස්සු කෙළින්න එපා...තියෙන හුළං ඇති...ඔල්මොරොන්දන් වෙච්ච හුළගක් ගැන අහලා තියෙනවද...? ඔයා හුළඟක් වුනොත් ඒක තමා වෙන්නේ....

    එක්කෝ ඔයා හුළඟක් වෙන්න...මම wind turbine ටිකක් හදලා power දෙන්නම්....අඩුගානෙ රටටවත් වැඩක් වෙයිනේ....

    ReplyDelete
  20. පරිස්සමින් ඔච්චර දුරට හිතන්න ගිහින් ඇත්තට සුලඟක් වෙන්න පුළුවන්.....

    ReplyDelete
  21. Oya Sulagak wela ehenam meheta ennakoooo.... :P
    mathaka athuwa enakota " Mata gamata yanna KURULU pihatuwak gennoo"

    ReplyDelete
  22. ලස්සනයි,හරිම ලස්සනයි. ඔයාගේ ඒ සිතුවිල්ල නම් පුදුම ලස්සනයි.කවුරැ මොනා කිව්වත් ඔයා හිතන හැටි නම් හරිම ලස්සනයි.ඔන්න මම ඔයාගේ බ්ලොග් අඩවිය මම කියවන බ්ලොග් ලැයිස්තුවට එකතු කර ගත්තා.

    ReplyDelete
  23. ෂහ්! කාන්චි අක්ක මතක් කරපු සින්දුව නම් මරේ මරු. දැනටත් විටින් විට මම මුමුණන සින්දුවක්. ඕනම වෙලාවක අහන්න පුළුවන් මාරම ගති සින්දුවක්.

    ReplyDelete
  24. @Hare
    Ow malla e sinduwata math harima asai...dan nitharama eka thamai matah kiyawenne he..he...mokada lesiyen ennath puluwan ne lankawata ehema unoth...:D

    ReplyDelete
  25. චතුර - ඇයි ඇයි මොකෝ ඒකට වෙලා තියෙන්නේ?

    ප්‍රියන්කර - හා.. ඕන්න මං ඔයාලගේ ගෙවල් පැත්තෙත් එනවා හොදේ කන්න බොන්න ලැස්ති කරලා තියන්න...

    ස්ට්‍රෝම් - අම්මෝ ඔයා කුණාටුවක්නේ...ආයේ මං මක්කටැයි.. බුදු අම්මෝ මම බයයි..!

    මචං - ඉතිං මරුනේ මචං නැද්ද?

    ටකරන් - අපොයි ඔයාට‍ නැගලා එන්න නම් ඉතිං යකඩ පිහාට්ටක් තමයි එවන්න වෙන්නේ ඔය සරීරේ බර දරාගන්න පුළුවන් පිහාට්ටක් වෙන්නත් එපැයි.. :P

    Fa - ස්තූතියි...බොහෝම ස්තූතියි.. නැවතත් ස්තූතියි

    ReplyDelete
  26. අපිට වෙලාවක් හිතෙනවා සුලඟක් වගේ පාවෙලා යන්න ඇත්නම් කියලා... "සු" කිව්ව වගේ ඒ සුලඟම අපෙ ජීවිත පොඩිපට්ටම් කරලා ඈතට විසිකරලා දානකොට... ගඟක් හිමින් ගලනකොට අපිට එකේ පාවෙලා යන්න හිතෙනවා... එත් වැහි කාලෙට ඒ ගඟම දෝරෙ ගලා යනකොට....
    නියම සටහන මලී.... කොමියක් දාන්නවත් හිතුනෙ නෑ... එල....

    ReplyDelete
  27. හා හා හා...ඔන්න මම වැරද්ද පිලිගත්තා.

    ඇත්තටම සරල වෙන්න මොනවද කරන්න ඕන මම.
    පොත් කියවිලි, භාවනා කිරිලි වගේ දේවල් මට ඒ තරමි සෙට් වෙන්නේ නෑ.
    යාළුවො නම් කියන්නෙ උඹගේ නියම ආතල් එක තියෙන්නෙ දෙකක් වැඩිපුර දාගත්තමලු.

    ReplyDelete
  28. @මලී_ඇම්ඇස්ජී: මොනා වෙන්නද.. "මලී.exe" නැමැති ප‍රිගණක ‍‍වෛරසය නිසා විඳින දුක.. :P

    ReplyDelete